දීර්ඝ කාලයක සිට ත්‍රිරෝද රථයක් මගින් හෙරොයින් ජාවාරමේ යෙදුණ පුද්ගලයන් දෙදෙනෙකු කෝටියකට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (13) වැලිගම පොලිස් වසමේ සේනානායක ක්‍රීඩාංගනය තුල දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.
එහි දී ත්‍රිරෝද රථයක් මගින් හෙරොයින් ජාවාරම් කරමින් සිටි රත්මලාන හා වැලිගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30 හා 54 ක් වන පසුවන පුද්ගලයන් දෙදෙනෙකු කෝටියකට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 445 ක් ජාවාරමින් උපයාගත් රුපියල් ලක්ෂ 05 ක මුදලක් සමග ජංගම දුරකථනයක්, රවුටර් 01 ක් ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.