21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනිධන්හොරු සම නීතිවිරෝධි සිගරැට් ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

නිධන්හොරු සම නීතිවිරෝධි සිගරැට් ජාවාරමුන් එස්.ටි.එෆ්. අත්අඩංගුවට.

නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු නිධන්හෑරීමට භාවිතා කල උපකරණ ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝගහා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වව්නියාව කලාප අණදෙනනිලධාරී පොලිස් අධිකාරී කොඩිතුවක්කු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී අබේසේකර මහතාගේමෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය කැබිතිගොල්ලෑව කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂකආර්.ඒම්.ඩී.සි. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16 ) හොරොව්පතාන පොලිස් වසමේමොරවැව ප්‍රදේශයේ දී මෙම වැටලීම් සිදුකර ඇත.එහි දී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටිඅම්බලන්ගොඩ මාතිත්තිය පිරිවෙනේ හිමි නමක් හා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු ඒ සදහායොදාගන්නා ලද කැණීම් උපකරණ හා පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහාහොරොව්පතාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරනු ලැබු රුපියල් ලක්ෂ විස්සක් පමන වටිනා විදේශීය දුම්වැටි 20,000ක් හා විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේඅත්අඩංගුවට.

අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප පොලිස් පරීක්ෂක එස්.කේ. කාහිංගල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) කටාන පොලිස් වසමේ අංක 83/45, කළුවාරිප්පුව බටහිර, කටාන ලිපිනයේ පිහිටි නිවස අසල දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද ලක්ෂ විස්සක් පමන වටිනාකමකින් යුතු BUSINESS ROYALS වර්ගයේ නීති විරෝධී විදේශීය දුම්වැටි 20,000 ක් හා බලපත්‍රයක් නොමැතිව අනුමත ප්‍රමාණය ඉක්මවා විවිධ වර්ගයේ විදේශීය මත්පැන් බෝතල් 175 ක් සන්තකයේ තබාගෙන සිටි තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments