25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට-ඇමැති ටිරාන් අලස්

යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට-ඇමැති ටිරාන් අලස්

යුක්තිය මෙහෙයුම යටතේ 2023 වර්ෂයේ දෙසැම්බර් මස 17 වැනිදා සිට මේ දක්වා රුපියල් බිලියන 19ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

යුක්තිය මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා සිට මේ දක්වා ආයුධ 955ක් සහ අත්බෝම්බ 42ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේදී, සැකකරුවන් දෙදෙනෙකු හැර ඊට අදාල අනෙකුත් සියළු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් යැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

ඝාතනය සැලසුම් කළ පිරිස් සහ විවිධ අදියර වලදී ඝාතනයට සම්බන්ධ වුණු සියල්ලන්ම පාහේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments