22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ව්‍යවස්ථාදායක සභාවේ තින්දුව කතානායවරයා විකෘති කරලා ජනාධිපතිට ලියුමකින් දැනුම් දීලා - විපක්ෂ...

ව්‍යවස්ථාදායක සභාවේ තින්දුව කතානායවරයා විකෘති කරලා ජනාධිපතිට ලියුමකින් දැනුම් දීලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

නඩු විභාගය අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාට පොලිස්පති ලෙස කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණ ක්‍රියාදාමය කතානායවරයා විකෘති කරලා ලිපියක් යොමු කරලා තිබෙන බවත් එම ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් මෙම වංචා සහගත ලියුම පදනම් කරගෙන පත් කිරීම් සිදුකිරීම් ව්‍යවස්ථා විරෝධි බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

ඡන්දය ලබාදීම වැළකි සිටිම විපක්ෂ වීමක් ලෙස සලකුණු ලබන්නේ නම් ඡන්දය ලැබුණා සේ සැලකීම සභාපතිවරයා වශයෙන් මාගේ තිරක ඡන්දය පක්ෂව ලබාදෙන බව කාරුණිකව දන්වමි යනුවෙන් කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වන බවත් මෙය සම්පුර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවත් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් ඒ පිළිබඳව ආණ්ඩුව වහාම පියවරක් ගත යුතු බවත් විපක්ෂ නායක වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම පවත්වා අවසන් වූ පසු එහි තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමක් සිදුනොකර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් කතානායකවරයාගේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙවැනි පත් කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිතුරක් ලබාදිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments