22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්ණය අරන් ව්‍යාපාර දියුණු කරලා ඒකෙන් කොහොමද ආර්ථිකය විවෘත වීමේ වැඩපිළිවෙළට දායකත්වය...

ණය අරන් ව්‍යාපාර දියුණු කරලා ඒකෙන් කොහොමද ආර්ථිකය විවෘත වීමේ වැඩපිළිවෙළට දායකත්වය දෙන්නේ කියන එකයි පුළුවන් තරම් පොලි අනුපාතය අඩු වනවා කියන එක තුළ නිෂ්පාදන වියදම අඩු වෙනවා එවිට පාරිභෝගිකයාට වාසියක් ලැබෙනවා-හිටපු ඇමැති රවි කරුණානායක

කොළඹ වික්‍රමපාල

බැංකු අනුපාතය පොලී අනුපාතය අඩුකරලා තිබෙනවා ඉදිරියට ණය දෙන හැකියාව තව අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙන්නේ monitory board එක මේක තීරණය ගත්තට බැංකු මේ වගේ දේවල් ක්‍රියාත්මක කළ යුතුද කියන දේ තියෙනවා පසුගිය අවුරුදු දෙක තුළ ඉතා අමාරුවෙන් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ සහ ණය ගන්නන් කටයුතු කලේ මොවුන්ට මේ ප්‍රතිලාභ ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි

ණය අරන් ව්‍යාපාර දියුණු කරලා ඒකෙන් කොහොමද ආර්ථිකය විවෘත වීමේ වැඩපිළිවෙළට දායකත්වය දෙන්නේ කියන එකයි පුළුවන් තරම් පොලි අනුපාතය අඩු වනවා කියන එක තුළ නිෂ්පාදන වියදම අඩු වෙනවා එවිට පාරිභෝගිකයාට වාසියක් ලැබෙනවා.
පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඬලයෙන් තමයි පොලිස්පතිතුමාව පත් කළේ ඒ නිසා පාර්ලිමේන්තුව තමයි මේ පිළිබඳව ඉදිරියට කටයුතු කළ යුත්තේත්.
තුන්කොන් සටනක් තියෙනවා කියල දැන් ඒගොල්ලෝ දන්නවා ඡන්දයක් අනිවාර්යයෙන්ම ජනාධිපති වික්‍රමසිං අභියෝගය බාර අරගෙන කටයුතු කරනවා කියලා. ඉස්සල්ලා ඉන්නේ නෑ කියපු අය දැන් කියනවා තුන්කොන් සටනක් කියලා. අනිවාර්යෙන් නිර්පාක්ෂික අපේක්ෂක වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා එනවා.
ජනාධිපතිතුමා හැමෝගෙම සහාය ලබාගෙන ඉදිරිපත් වෙනවා.
මචං කියලා ගෙවන්න බැහැ. ඩොලර් ලබාගන්න විදිහක් නෑ එහෙම මානසිකව සිහින ලෝකවල ගමන් කරන්න පුළුවන් ඕන කෙනෙකුට රටක් පාලනය කරනවා කියන්නේ ප්‍රාදේශීය සභාවක් පාලනය කරනවා වගේ එකක් නෙවෙයි.

ඔය පක්ෂ කියනවා පොදුරාජය මණ්ඩලයේ අයින් වෙනවා කියලා මේ වගේ දේවල් අහනකොට අපිට වැදගත්ම දේ තමයි පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් හැටක් හැටපහක් පමණ තිබෙනවා. බදු රහිතව මේ භාණ්ඩ අපේ රටවල්වලට එනවා. පොදුරාජ මණ්ඩලයෙන් අපි අයින් වුනොත් රටවල් 65ක් පමණ මෙහි තිබෙනවා ඒවායේ භාණ්ඩ අපිට ඉතා අඩුවට ලංකාවට එනවා අපේ අපනයන කොහෙටද යවන්නේ බුලත් කඩ කරන කට්ටිය ආණ්ඩු දුවන්න හදනකොට තියෙන ප්‍රශ්නේ ඕකයි කිසිම පරිණත භාවයක් නෑ කිසි දෙයක් නොදන්නා මිනිස්සු කියන දේවල් මේවා කැලෑ නීති වලට අදාල දේවල් ඉන්දියාව යනකම් ඉන්දියාව නරකයි ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියාව සුන්දරයි එංගලන්තයට හරි කොහෙට හරි ආරාධනා කළොත් ඒ රටවලුත් හොඳ වේවි. එල්බෝඩ් දාලා තමා ගෙනියන වාහනය හැප්පි හැප්පී යන්න බෑ පරිණිතභාවයක් තියෙන්න ඕනේ මාස 28කට ඉස්සෙල්ලා පෝලි යුගයක් තිබුණේ ඒවා නැති වෙලා තරුණියන් කාන්තාවන් වයෝවෘද්ධ කට්ටිය හැමෝම තේරුම් ගන්න ඕන දේ මේකයි නැවත රනිල් තමයි කියන එකට විශ්වාසයක් ඇති කරගන්න
කියන්න පුළුවන්ද රනිල් වික්‍රමසිං අවුරුදු දෙකක් රට පාලනය කරලා වික්කේ මොකක්ද කියලා ශ්‍රී ලංකන් ආයතන විකුණන්න බැලුවා ඒත් ඒක නැවත සලකා බලන්න කිව්වා අහිංසක ජනතාවට ගෙවල් ලබා දුන්නා ජනතාවගේ වත්කම් වැඩි කළ ආණ්ඩුවේ තඹ සතියක් විකුණන්නැතුව ඉඩම් ඔප්පු ලබා දුන්නා ජනතාවගේ වත්කම් ඇති කිරීමයි රටේ කළේ ආර්ථික යුද්ධයට උත්තර දෙන එකයි කරන්න ඕනේ කොහොමද ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්නේ කොහොමද ජනතාවගේ වත්කම් වැඩි කරන්නේ ඒකයි හිතන්න ඕනේ.

කටුනායක ගුවන්තොටුපොළ හැදෙන්න පටන් ගන්නවා. කඩවත ඉඳන් මීරිගමට නවතලා තිබුණු පාර හැදෙනවා. මේ සංවර්ධන කටයුතු දැන් පටන් ගත්තා. ජල ව්‍යාපෘති ආරම්භ වුණා නැවතත් තරුණ තරුණියන්ට රැකියා ඇතිවන මාර්ග සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ගැන ණයදීමේ වැඩපිළිවෙළක් පටන් ගත්තා. තරුණ තරුණියන් ලක්‍ෂ දහයක ව්‍යවසායකය නැති කිරීම තමයි මේ රටේ තියෙන ලොකුම අභියෝගය.
අස්වැසුම අත්‍යවශ්‍ය අයට ලබාගෙන අනවශ්‍ය පිරිසකුත් මේක ඇතුලට ඇවිල්ලා තියෙනවා. ඒ අයව හඳුනාගෙන ඒ අය ඉවත් කරන්න ඕනේ. හැම දෙනාම සාකච්ඡා කරලා මේකේ සවි බල ගැන්වීමක් කරන්න ඕනේ. මේක නිකන් මුදල් පරිත්‍යාග කිරීමක් නොවේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක් සැකසීමයි අවශ්‍ය වෙන්නේ. ජීවත් වෙන්න මීටත් වඩා අවශ්‍යතාවයන් තිබෙනවා. මේවා ලබා දීලා වැරදි විදියට ලබාගන්න කට්ටිය නවත්තලා මේ සල්ලි සංවර්ධනයට යොමු කරන්න ඕනේ. ආණ්ඩුව වරද්ද ගත්තේ නෑ මේ කොටස් දේශපාලනීකරණය කරගත්ත සමහරු.
එක්සත් ජාතික පක්ෂයේ නිහඬ වූ පාක්ෂිකයන් නැවත අවදි වෙලා ඉන්නවා. නිවැරදි කිරීමක් සහිතව පක්ෂය හැදිලා තියෙනවා ජනතාව ගැන හිතන්න පුළුවන් රටක් සංවර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි අපි ගේන්නේ.
ජනතා විශ්වාසය පාක්ෂිකය තුළ ජනතාව තුළ ඇතිවෙලා තියෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments