29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් 24000ක් සමග ගුවන්ම= මගියකු රේගු අත්අඩංගුවට..

මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් 24000ක් සමග ගුවන්ම= මගියකු රේගු අත්අඩංගුවට..

EK650 දරණ ගුවන් යානයෙන් (27)සවස7.30ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු සතුව තිබී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් 24000 ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුණායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු නිළධාරීන් සමත්විය.

මෙම සැකකරු කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු.4,097,253 ක් පමන වේ. යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙලඳපල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රු. 3,541,896 ක් පමන වන බව ගණනය කර ඇත.

1999 අංක 8 දරණ දුම්කොල බදු පනත හා 2004 අංක 9 දරණ සංශෝධිත දුම්කොල බදු පනතට අනුව මෙරටට නිසි බලපත්‍රයක් නොමැතිව දුම්කොල අඩංගු දුම්වැටි හෝ එහි නිශ්පාදන ගෙන ඒම තහනම් වන අතර නීති විරෝධීව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥාපනත යටතේ රාජසන්තක කිරීමකට ලක්කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments