29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විදෙස් සිගරට් කාටුන් 146ක ප්‍රමාණයක් චීින කාන්තාවක් රේගු දැලේ..

විදෙස් සිගරට් කාටුන් 146ක ප්‍රමාණයක් චීින කාන්තාවක් රේගු දැලේ..

මැලේසියාවේ Kuala Lampur සිට (27) මධ්‍යම රාතියේ MH0179 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි චීන ජාතිකයෙකු සතුව තිබී විදෙස් සිගරට් කාටුන් 146ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුණායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිළධාරීන් සමත්විය. මෙහි සිගරට් කූරු 29,200ක් පමණ අඩංගු විය.

මෙම සැකකාරිය චීන ජාතිකයෙක් වන අතර මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු. 4,339,071/-ක් පමන වේ. යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙලඳපල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රු. 3,343,800/- ක් පමන වන බව ගණනය කර ඇත.

1999 අංක 8 දරණ දුම්කොල බදු පනත හා 2004 අංක 9 දරණ සංශෝධිත දුම්කොල බදු පනතට අනුව මෙරටට නිසි බලපත්‍රයක් නොමැතිව දුම්කොල අඩංගු දුම්වැටි හෝ එහි නිශ්පාදන ගෙන ඒම තහනම් වන අතර නීති විරෝධීව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥාපනත යටතේ රාජසන්තක කිරීමකට ලක්කර ඇත. සැකකාරිය හට නියම කරන ලද රු. 100,000/- ක දණ්ඩන මුදල ගෙවීමෙන් අනතුරුව නිදහස් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments