26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජේතවන කෞතුකාගාරය අද ජනතා අයිතියට

ජේතවන කෞතුකාගාරය අද ජනතා අයිතියට

පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙරට පස්වන විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින්  ජනතා අයිතියට පැවරීමට නියමිතව තිබෙනවා. 
20 සහ 21 යන දෙදින තුළ මාතලේ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගනිමින් මෙම කටයුතු සිදුකෙරෙන බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය , පුරාවිද්‍යඥ ගාමිණී අධිකාරී මහතා සඳහන් කළේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පැරණි බිතුසිතුවම් පිටපත් කර සංරක්ෂණය කිරීමේ විද්‍යාත්මක පර්‍යේෂණාගාරයක් ලෙස ස්ථාපිත ” ආචාර්‍ය රෝලන්ඩ් සිල්වා බිතුසිතුවම් සංරක්ෂණ හා පර්‍යේෂණ මධ්‍යස්ථානය” මෙන්ම දෙස් විදෙස් පුරාවිද්‍යා පර්‍යේෂකයින් උදෙසා සීගිරිය ව්‍යාපෘති භූමිය තුළ ස්ථාපිත කෙරුණූ ” මහාචාර්‍ය සේනක බණ්ඩාරනායක පුරාවිද්‍යා ක්ෂේත්‍ර පාසල විවෘත කිරීම ඊයේ සිදුකෙරෙණි
අද (21) දින ” ජේතවන කෞතුකාගාරය මෙරට පස්වන විධායක ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය මතුපරපුර වෙත දායාද කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.
පසුගිය දශක කිහිපය තුළ විද්‍යාත්මක නිර්ණායකවලට අනුව එම ප්‍රදේශයෙන් මතුකරගත් පුරාවස්තු සැළසුම් සහගතව ස්ථානගත කරමින් දෙස්-විදෙස් මහජනාතාවට දැකබලා ගැනීම උදෙසා මෙම කෞතුකාගාරය ප්‍රතිනිර්මාණය කර තිබීම විශේෂත්වයක්.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ” සංස්කෘතික පුනරුදය” උදෙසා ක්‍රියාත්මක මෙම වැඩසටහන බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ප්‍රමුඛ දායකත්වය සපයනු ලබන්නේ “මධ්‍යම සංස්කෘතික අරමුදලයි”.
මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක මෙම මහඟු කර්තව්‍ය පාදක කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්‍ය , පුරාවිද්‍යඥ ගාමිණී අධිකාරී මහතා විසින් පළකළ ලිපියක් පහත දැක්වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments