ධීවරියකගෙ ලතැවුල
නෙරළු තුරු පත් රටා අතරින්
ක්ෂිතිජයේ හිරු ගිලෙණු පෙනුණා
මුදුන් වූ ලෙන් තුලට ලිහිණින් අඳුරු
මන්දාරමේ ඇදුනා
වැතිරිලා බිම බදාගෙන සිටි බිම්තඹුරු
පරවෙලා වැටුණා
දැනුනු පාළුව දුක දරාගෙන සයුර මත නෙත් රඳන් උන්නා
පෙර රැයේ ගොඩ කරෙන් නික්මී
දියඹ වෙත නුඹ සෙමෙන් ඇදුනා
බියක් දනුනද හද වෙලාගෙන
රළක් විත් ඔරු බඳෙහි හැපෙනා
අඳුරු සෙවනැලි ලෙසින් කූපත් ඉස්සිලා
නුඹ වෙතට එබෙනා
හැර දමා මග දිරිය අරගෙන සිනාසෙනු
බාධක බිදෙන්නා
ඉපිල ගිලෙනා යලිත් මතුවෙන රළක්
මෙන් සිත කැළඹෙනා
පමාවට කිම කාරණාවන් මගේ හිමි
සඳු නොපැණුනා
හමා ගෙන ගොස් රුවලෙ හැපිලා
ගොඩබිමට ගොස් ඇරලනා
මදනළේ නුඹ කියනවද තොරතුරක්
විගසින් සොයමිනා
පෙරා හිරු රැස් පුබුදනා මල් රොනට
වඩිනා බිඟු නදේ
උදාවෙන හෙට දිනේ පැතුමන් කප්පරක්
සිත තුල රැදේ
තුරුළු කරගෙන කලටි මොටනින් පන් පැඳුරෙ තනි උන සඳේ
නොපියවෙන නෙත් බරට මිරිකී කදුළු වැල් පහලට ඇදේ.
සිතක ලියවුනු අකුරු
සමන්ති වික්‍රමසිංහ✍️✍️