29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී සාමාන්‍ය ජනතාව පමණක් නොව රටේ නායකයාත් කැපකිරීම් කළ...

බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී සාමාන්‍ය ජනතාව පමණක් නොව රටේ නායකයාත් කැපකිරීම් කළ යුතු යි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

පසුගිය දිනක අයි. එම්. එෆ්. නියෝජිතයන් හමු වී රටේ වෙනස්කම් සිදුවී ප්‍රතිසංස්කරණ සිදු වී ඒ හරහා රට ගොඩ ආ යුතු බව පැවසු බවත් එසේම කැපකිරීම් සිදු කරන විට සැවොම කැපකිරිම් සිදු කළ යුතු බවත් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා බවත් ඔහු රටට ආදර්ශයක් විය යුතු නමුත් අප රටේ සිදු වූයේ එහි අනික් පැත්ත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සුපිරි ධානපතියන් කෝටිපතියන් බේරා මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට බලපෑම් කළ බවත් මෙවැනි අවස්ථාවකදී වැඩ කර ජනතාව මෙන්ම සුපිරි ධනවතුන් හා පොහොසතුන් දකැපකිරිම් කළ යුතු බවට තමා අයි. එම්. එෆ්. එකට පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල පැවැති සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාව අමතමිනි. මෙම වැඩසටහනත් සමග දිවයින පුරා භික්ෂු උපදේශක සභා 6ක් සිදු කර තිබේ.

අද වන විට විවිධ ප්‍රශ්න ගැටලු නිසා බොහෝ විහාරස්ථාන වැසී ගොස් ඇති බවත් ගමේ නගරයේ විහාරස්ථානයේ එම ගමේ නගරයේ සෞභාග්‍යයේ කේන්ද්‍රස්ථානය බවත් ඒ සඳහා විහරස්ථාන පද්ධතිය සුරක්ෂා කරන්න රැකගන්න ප්‍රවර්ධනය හා සංවර්ධනය කරන්න විහාරස්ථාන කැපකරු මාපිය ක්‍රමයක් ඇති කරන බවත් මේ හරහා විහාරස්ථාන දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල වැඩි කිරිම නිසා විහාරස්ථාන රාශියක් දැඩි අසරණ වී ඇති නිසා මේ විහාරස්ථාන සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන සඳහා සූර්ය බලශක්ති වැඩසටහනක් ක්‍රියාත්මක කර මෙම ආගමික ස්ථාන දියුණු කරන බවත් සුහුරු අධ්‍යාපනය පාසල්වල මෙන්ම පන්සල් හා ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතව ද ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල කරන්න තහනම් වුණාට රජයේ මුදල් වැය කරල සංවර්ධන ව්‍යාපෘති නම් කරනවාමේ වන විට දෙස් විදෙස් ධානපතියන්ගෙන් පෞද්ගලික ධානපතියන්ගෙන් ආධාර ලබා ගෙන සිදු කරන වැඩසටහන් තහනම් වුවත් රාජ්‍ය අරමුදල් උපයෝගී කර ගෙන ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් සිදු කරන බවත් මේ අමනෝඥ ප්‍රතිපත්ති වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අපි අනුගමනය කරන්නේ දශරාජ ධර්මයයිසමගි ජන බලවේගය දශරාජ ධර්මය කේන්ද්‍ර කර ගෙන එය ක්‍රියාත්මක කරන බවත් එවැනි රාජ්‍ය පාලනයක් අති සාර්ථක වන බවත් එසේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ ඇති ගුණාංග සහ ප්‍රතිපත්ති අනුගමනය කරන්න අදහස් කරන බවත් තමා ධම්ම පදය අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටට වැරදුනේ විවිධ පෞද්ගලික න්‍යාය පත්‍රය අනුගමනය කළ නිසාමෑත කාලයේ ඇස්වලට පෙනී පෙනී සරු දේට නිසරු ලෙසත් නිසරු දේට සරු ලෙසත් පවසන බවත් අද යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ රටට අවශ්‍ය නිවැරදි දර්ශනය ගමන් මාර්ගය කුමක්ද කියා බවත් හොඳ දෙයක් කවුරුන් හෝ කරන්නේ නම් එය නිවැරදි නම් එය අනුගමනය කිරීමට කොන්දක් තිබිය යුතු බවත් රටට වැරදුනේ විවිධ පෞද්ගලික න්‍යාය පත්‍රය අනුගමනය කර නිසරු දේට සරු කීම නිසා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ආගම් ඇදහීම බාධා කරන්න කාටවත් අයිතියක් නැහැඑසේම මේ වන විට රටේ බුද්ධාගම මෙන්ම අනෙකුත් ආගම් පිළිබඳ විශ්වාසයක් නොමැති පිරිසක් සිටින බවත් මොවුන් ආගම් ඇදහීම් සිදු නොකරන බවත් ආගම් පිළිපැදීමට මෙන්ම පිළි නොපැදීමට ඕනෑම අයකුට අයිතිය ඇති මුත් යම් අයකු ආගම් පිළි නොපැදීම නිසා විවිධ ආගම් අදහන කණ්ඩායම්වලට ගැරහීම් සිදු කිරීමේ අයිතියක් නොමැති බවත් එය ආගම දහමට කරන නින්දාවක් හා අපහාසයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ මෝඩ වැඩ නිසා ණය ගෙවීමේ කාලයත් අඩුවෙලාඅද වන විට අප රට භයංකාර තත්ත්වයකට මුහුණ දී ඇති බවත් දේශීය විදේශීය ණයබරතාව ඇ. ඩොලර් බිලියන 100කට ආසන්න ණය බවත් ඒකපුද්ගල ණයබරතාව රු. ලක්ෂ 12කට ආසන්න බවත් මෙවැනි තත්ත්වයක් උඩ 2048 ගොඩ එන්න ඊටත් වඩා කාලයක් යයි ඊට පෙර ගොඩ ආ හැකි බවට විවිධ පාර්ශ්ව කියන බවත් අයි. එම්. එෆ්. එක අපේ රට ණය 2032 සිට ගෙවිය හැකි යැයි පැවසුවත් වත්මන් රජය 2028 සිටම ණය ගෙවන්න පොරොන්දු වී ඇති බවත් රටක් ලෙස ගොඩනැගෙන්න තිබූ අවස්ථාව පැහැර හැර ඇති බවත් සමගි ජන බලවේගය මෙවැනි ප්‍රතිපත්තිවල නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments