වතු කම්කරුවන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අධිකරණයේ තාක්ෂණික කාරණාවක් මතුවෙලා තිබෙනවා ඒ නිසාවෙන්ම කම්කරු අමාත්‍යාංශය ඉදිරිපත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කර තිබෙනවා ඒ වුණත් ඊට නිසි විසඳුමක් ලබාදෙන්න සූදානම් වෙමින් සිටින බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා ප්‍රකශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. ඒ අනුව අපි අඩියක් පස්සට තියලා අඩි දෙකක් ඉදිරියට තියන්න බලාපොරොත්තු වෙනවා. නැවතත් වෘත්තීය සමිති හා හාම්පුතුන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රගතීය ඉතාමත්ම හොඳයි. රුපියල් එක්දහස් තුන්සිය පනහේ මූලික වැටුප හා ඉතිරි තුන්සිය පනහේ දීමනාව ගැන තමයි අපි කතා කෙරුවේ. හාම්පුතුන් මේවනවිට සේ.අ.අ. හා සේ.නි.භා.අ. ගෙවන එක්දහස් තුන්සිය පනහේ මූලික වැටුපට එකඟතාවය පල කර තියෙනවා. ඉතිරි තුන්සිය පනහ හෝ ඊට වඩා වැඩි ගණනක් වෙන්නත් පුළුවන්. තමන් උපයන මුදල එහෙනම් වැඩියෙන් කඩන කිලෝ ගණන හා පැමිණීමේ දීමනා සමග සේවකයින්ට උපයාගත හැකි දීමනාවක් ලෙස ලබාදී තිබෙනවා. ඉදිරි දිනවලදී මීට විසඳුමක් ලබාදෙන්න හැකිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එම සාර්ථක පිළිතුර ඉක්මනටම ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.