මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමියින්ට දිවයිනේ ඕනෑම ඡන්දපොළකින් ඡන්දය ප්‍රකාශය කිරීමට පහසුකම් ලබාදීමට තවම මැතිවරණ කොමිෂන් සභාව කිසිදු නිල තීරණයක් ගෙන නොමැත මේ පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.
ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ නිල නිවේදන නොවන සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙස සියලුම මාධ්‍ය වෙත දන්වා සිටින අතර එවැනි ප්‍රවෘත්තිවලට නොරැවටි තමා වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීමපතෙහි සඳහන් ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ඡන්දහිමියන්ගෙන් ඉල්ලා සිටියි.
