22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeවිදේශීය පුවත්ඉරාන හිටපු ජනාධිපති රයිසිගේ මරණය මොසාඩ් මෙහෙයුමක්ද අලුත් සැකයක්?

ඉරාන හිටපු ජනාධිපති රයිසිගේ මරණය මොසාඩ් මෙහෙයුමක්ද අලුත් සැකයක්?

හමාස් නායක ස්මයිල් හනියේගේ ඉරානය තුල සිදුවු ඝාතනයත් සමග ඉරාන හිටපු ජනාධිපති රයිසිගේ මරණයද මොසාඩ් මෙහෙයුමකින් සිදුවූවක් බව ඉරානය තුල අලුත් සැකයක් මතුවි තිබේ.

මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජී7 කණ්ඩායමේ සියලු රටවල නායකයින්ට පණිවුඩයක් යවමින් කියා ඇත්තේ ඉදිරි පැය විසිහතර හෝ හතළිස් අට තුල ඊශ්‍රායාලය වෙත ඉරානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් කුමන ආකාරයක ප්‍රහාරයක් එල්ලවනු ඇති බවය. මැදපෙරදිග ගිනි ඇවිලීම නැවැත්වීම සඳහා ජෝර්දානයේ විදේශ ඇමැති මේවනවිට ඉරානය වෙත ගොස් එහි වත්මන් ජනාධිපති හමුවි තිබේ. එහිදි ඉරාන ජනාධිපති පවසා ඇත්තේ ඊශ්‍රායලය ඉරානය තුල හමාස් නායකයා ඝාතනය කිරීමෙන් විශාල අත්වැරැද්දක් සිදුකරගෙන තිබෙන බවය. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩීන් මේවනවිට ජෝර්දානයේ රජුටද මේ සම්බන්ධ දුරකතනයෙක් කතා කර තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments