…මුලතිව්හි කුරුන්දි මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්‍රාම සේවා වසමේ නාගචෝලේ වන රක්ෂිතයේ සිදුකරන ලද කැනීමකදී අනුරාධපුර අවසන් යුගයට අයත්, සිව්වන උදය රජුට අයත් සෙල්ලියක් හමු වූ බව වව්නියාව පුරාවිද්‍යා නිලධාරී කාර්යාලය පවසයි.එම පුරාවිද්‍යා භූමියේ අක්කර 78 ක භූමි ප්‍රමාණයක් පිහිටා ඇති අතර කැණීම්වලදී අතිශය වැදගත් ආරාමික නටඹුන්, කබොක් ගල්වලින් ඉදිකර ඇති ස්තූපයක්, ප්‍රාකාර බැමි, ශිලා කුලුණු සහිත ගොඩනැගිලි, සඳකඩපහන් සහ කැටයම් සහිත ශිලාමය උළුවහු ආදිය හමු වී ඇත.යුද සමයේදී සහ නිධන් සොරුන් විසින් මෙම පුරා විද්‍යා භූමියට දැඩි ලෙසින් හානි කර තිබූ බවටද පුරා විද්‍යා නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ. මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා නිලධාරීන් ඒකාබද්ධව ආරම්භ කරන මෙම සෙල්ලිපිය හමුවූ බව අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සිව් වන උදය රජුට අයත් ලිපියක් බවට තහවුරු කරගෙන ඇත.මේ වන විට අදාල සෙල්ලිපියේ පේලි 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර පුරාවිද්‍යා නිලධාරීන් විසින් වැඩිදුර කැනීම් කටයුතු කරනු ලැබේ.
මුලතිව් කැලෑවකින් අනුරාධපුර යුගයේ සෙල්ලිපියක් හමුවෙයි
RELATED ARTICLES