21.7 C
Sri Lanka
Tuesday, August 19, 2025
Homeදේශීය පුවත්කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීමේ අඩුවක්

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තා වීමේ අඩුවක්

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 370 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 101ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය.

ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් දිස්ත්‍රික්ක 17කින් වාර්තා වී ඇති අතර සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 13,860ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් 101 දෙනා ගෙන් 43 දෙනෙකු රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. කොරෝනා ව්‍යාප්තිය බහුල වශයෙන් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශ වලින් ඊයේ දිනයේදී කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

කොම්පඤ්ඤවීදිය 03, කිරුලපොන 03, බොරැල්ල 06, දෙමටගොඩ 03, මරදාන 01, අලුත්කඩේ 02, බ්ලුමැන්ඩල් 05, ග්‍රෑන්ඩ්පාස් 06, මට්ටක්කුලිය 04, අංගොඩ 02, අත්තිඩිය 02, අවිස්සාවේල්ල 03, හෝමාගම 01, කඩුවෙල 01, මොරටුව 02, පාදුක්ක 01, පුවක්පිටිය 01, පන්නිපිටිය 03, රණාල 01, සාලමුල්ල 07ක් සහ රත්මලාන 43ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 67 දෙනෙකු වාර්තා වී ඇත. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46ක්, මහනුවර 25ක්, ගාල්ල 12ක්, මඩකලපුව 01, අම්පාර 23ක්, කුරුණෑගල 26ක්, රත්නපුර 35ක්, කෑගල්ල 06ක්, පුත්තලම 05ක්, මාතර 07ක්, යාපනය 03ක්, ත්‍රිකුණාමලය 02ක්, හම්බන්තොට 01ක්, මාතලේ 03ක්, අනුරාධපුර 06ක් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 06 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments