අනුර ප්‍රේමලාල්
මුදල් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අද(08) ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ පිහිටුවු අභ්‍යන්තර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය……ශ්‍රී ලංකා රේගුව විශාල කාර්යභාර්යක් ඉටුකරන අතර මහජනතාව සමග නිරන්තරයෙන් සමීපව කටයුතු කරන ආයතනයක් .නොයෙකුත් අභියෝග මැද රටට විශාල ආදායමක් සොයා දෙනවා.
එහිදි මහජනතාවට මතුවන ඕනෑම පැමිණිල්ලක් , ගැටලුවක් වාචිකව, ලිඛිතව, ඊමේල්, දුරකථන හා Whatsapp හා තැපෑලෙන් මාර්ගයෙන් මෙම ඒකකයට ඉදිරිපත් කිරීමට පුළුවන්.

ඒ ආකරයට ලැබෙන පැමිණිලි පිළිබඳ ඉතා කඩිනමින් සොයා බලා කටයුතු කිරීම හා එම පැමිණිල්ලට මොකද වුණේ කියලා එහි ප්‍රගතිය මහජනතාවට වාර්තා කිරීම මෙම අභ්‍යන්තර ඒකකයට පැවරෙන කාර්යයක් වෙනවා. නිර්නාමිකව ලැබෙන පැමිණිලි පිළිබඳ වුවත් ගැඹුරින් කරුණු සොයා බලා කටයුතු කිරීමට මෙම ඒකකයට පුළුවන්. මෙවැනි කටයුතුවලින් රේගුවේ ප්‍රගතිය වගේම කීර්තිනාමයට ඇතිවෙනවා.
ඉදිරියේදී දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවලත් අභ්‍යන්තර ඒකක පිහිටුවලා ඉතා නිවැරැදිව ජනතාවගේ විශ්වාසය වඩාත් තහවුරු කොටගෙන කටයුතු කිරීමේ අවස්ථාව ඇති කිරීමට පියවර ගන්නවා.
එමෙන්ම මෙවැනි දුෂ්කර අවස්ථාවක ශ්‍රි ලංකා රේගු අධිකාරියට ලබාදුන් ආදායම් ඉලක්කයවු රුපියල් මිලියන අටසිය අටසිය අනු දෙකක් වුවත් මෙම ආයතනය රුපියල් බිලියන නවසිය හැත්තෑපහක් අපිට උපයාදී තිබෙනවා. එබැවින් මෙම ආයතනය රාජ්‍ය ආදායම ඉපයීමේදි සුවිශේෂි මෙහෙවරක් ඉටුකර තිබෙන බව කිව යුතුයි. මෙවැනි දුෂ්කර අවස්ථාවක එවැනි ආදායමක් රටට සොයාදීම සම්බන්ධයෙන් සමස්ත සියලු රේගු නිලධාරින්ට ස්තූතිවන්ත වෙනවා. එමෙන්ම රටේ සාරධර්ම ආරක්ෂා කිරීමට රටේ ආරක්ෂාව සම්බ්ධයෙනුත් මෙම ආයතනය ඉටුකරන මෙහෙය ඇගයීමට ලක්විය යුතුයි. මේවනවිට ශ්‍රී ලංකා රේගුව නව ගමනක් යෑමට පියවර ගෙන තිබෙන අවස්ථාවකයි සිටින්නේ ධනාත්මකව , ජනතාව විශ්වාස කරන විනිවිද භාවයකින් යුතු වැඩපිළිවෙල ආරම්භ කරමින් රේගුව ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ඒ අනුව ඉකුත්දින බලයලත් ආර්ථික මෙහෙයුම් කරුවන් රේගුව සමග විශ්වාස වන්තවට කටයුතු කරන අයට සහතිකයක් ලබාදුන්නා. මෙම කාර්යය ජාත්‍යාන්තර ප්‍රමිතීන්ට අනුව සිදු කෙරුණා.

මෙහිදි විශේෂ ආරාධිත දේශනය පැවැත්වු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා….. එදා සිංගප්පූරුවේ ලී කුවන්යු තරුණ කාලයේ සිටම ලංකාව වගේ රටක් හදන්න ක්‍රියා කළ අතර අද අපිට සිංගප්පූරුව වගේ අල්ලස,දූෂණය නැති රටක් නිර්මාණය කරන්න සිදු වෙලා තිබෙන බව කීවේය. අල්ලස, දූෂණයට ඉඩදෙන රටක් හා පාලකයෝ සිටින රටක් සංවර්ධනය නොවන බව ඒ මහතාගේ පාලන සමයේ තහවුරු කර ඇති බව ජයමාන්න මහතා දීර්ඝ දේශනයක් පවත්වමින් පැවසුවේය.

ශ්‍රී ලංකා රේගු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා……මම බැලුවා ආචාර ධර්ම කියන වචනයත් සමග කොහොමද රේගුව සම්බන්ධ වෙන්නේ කියලා. ආචාර ධර්ම රේගුවත් සමග කොතෙක් දුරට පවත්වා ගෙන යන ගැටලුව මා තුල බොහෝ කාලයක් තිබුණු ප්‍රශ්නයක් මම රේගු දෙපාර්තමේන්තුව තුල මීට පෙර වසර තුනක කාලයක් සේවය කළා. වසර දෙකක් අධ්‍යක්ෂ ජනරාල් විදියට වැඩ කෙරුවා. රේගුව දෙපාර්තමේන්තුව තුල මේ ආචාරධර්මානුකූලව හැසිරීම කොතෙක් දුරට තිබුණද කියන මාතුල තිබුණු ගැටළුව මා දැක්කේ අපි අපි තුලම තිබෙන සමාජ වගකීමක් ලෙසයි. මේ සමාජ වගකීමෙන් අපට මිදෙන්න බෑ. මන්ද මේ සමාජ වගකීම අපේ රටේ සමස්ත ජනතාවම භාරදීලයි තිබෙන්නේ. මෙතැන සිටිනවා රේගු දෙපාර්තමේන්තුව වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. මේ ආයතන තුන තමයි මේ රටේ සමස්ත ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තීරණය කරනු ලබන්නේ. අපේ රාජකාරිය දෙස මෙරට ජනතාව බලාගෙන සිටිනවා. ඒ මිනිස්සු නිවැරැදිව රාජ්‍ය ආදායම එකතු කරනවා කියන විශ්වාසයෙන් ඒ අය බලා සිටිනවා. මිලියන විසිදෙකක් මිනිස්සු අප දෙස බලාගෙන සිටිනවා. අපි 2023දී රුපියල් බිලියන නවසිය හැත්තෑපහක් එකතු කරලා දුන්නා. රටේ ආදායමේ ගැටළුවක් නිසා අපේ රටේ මිනිස්සු ඉකුත් දිනවල බෙහෙත් නැතිව මැරුණා, පෝලිම්වල මැරුණා. රටේ කොතැනක හෝ ස්ථානයක මනුෂ්‍යයකු බෙහෙත් නැතිව මැරෙනවා නම් ඒ රජයේ ආදායම එකතු කරගන්න නොහැකි නිසා යැයි ඒ මනුස්සයාට දැනෙනවානම් එවැනි මිනිසුන්ගේ ද්වේෂය, කෝපය හා ශාපය අප වෙතට පැමිණියොත් , රේගුවේ නිලධාරියකුගේ පාසැල් යන දරුවෙක් පැමිණ රේගුවේ රාජකාරි කරන තම පියාගෙන් අහනවා රේගුවේ මෙවැනි හොරකම් සිදුවෙනවා තාත්තත් හොරකම් කරන මුදල්ද ගෙදර ගෙන එන්නේ කියලා එවිට එම පියාගේ පපුව හෝස් ගහලා ගියා කිව්වා. අපි මනුස්සයෝ විදියට විවිධ දුර්වලකම් තිබෙනවා ඒ අනුව මෙවැනි වැරැදි වෙන්න පුළුවන්. යම් කිසි දිනයක අපිට මේවා තේරුම්ගන්න හැකිවෙනවා.
ඒ නිසා මේ රටේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය ලබාදෙන ඒ ශුද්ධවු අයිතිය ලබාදෙන කොටස් කරුවන් තමයි මේ රේගුවේ සිටින්නේ. ඒ ශුද්ධවු භාරදූර වගකීම ඉටුකිරීමට අපිට පැවරිලා තිබෙනවා. එහෙනම් ඒ ශුද්ධවු අයිතිය අපි නිසියාකාරව ඉටුකළ යුතු යැයි අවධාරණයෙන් කියනවා.

මෙහිදි අතිරේගු අධ්‍යක්ෂ ජනරාල් හා අලුතින් විවෘතවූ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඒකක කමිටුවේ සභාපති සීවලි අරුක්ගොඩ මහතා…… මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය ආරම්භ කිරීම අභ්‍යන්තර කටයුතු ඒකක ආරම්භ කිරීම මෙම ආයතනය තුල සුපිළිපන් බව තහවුරු කිරීමක් බව පෙන්වා දුන්නේය.

මෙහිදි සියලු රේගු වෘත්තීය සමිති නියෝජනය කරමින් රේගු නිලධාරින් සංගමයේ අමිල සංජීව මහතා අදහස් දැක්වුයේය.
මේ අවස්ථාවට විදෙස් තානාපති කාර්යාල හා රේගුවට සම්බන්ධ විදෙස් ආයතන නියෝජිතයින් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව,සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරින් එක්ව සිටියහ.
