21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsකෝටි අටකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පරිඝණක කොටස් තුල සඟවා...

කෝටි අටකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පරිඝණක කොටස් තුල සඟවා පකිස්ථානයේ සිට ගෙනත් රේගුව හරහා එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගුව හරහා කෝටි අටකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පරිඝණක කොටස් තුල සගවා පකිස්ථානයේ සිට ගෙන්වමින් තිබියදී පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත විශේෂ කාර් ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එම්.එන්.කේ. මාරසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ශයේ කටුනායක ගුවන් තොටුපල ඒකකයේ නිලධාරින් කණ්ඩයමක් සහ ශ්‍රි ලංකා රේගු නිලධාරින් කණ්ඩායමක් සමගින් ඒකාබද්ධව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ රේගු ගුදම් අංශයේ දී වැටලීම් සිදුකර ඇත.

එහිදී විදේශීය රටක සිට UPS-EXPRESS ආයතනය හරහා ගුවන් මගින් මෙරටට ගෙන්වන ලද පාර්සල් 02 ක් පිළිබද සැක සිතී එම ආයතනයට සිදුකරන ලද දැනුම් දීමක් මත එම ආයතනයෙන් එම පාර්සල් මුදා හැරිම තාවකාලිකව අත්හිටුවන ලද අතර, එය පරික්ෂාවට ලක් කිරීමේදී එම පාර්සල් දෙක තුල COMPUTER HAERD DISK 63 ක් තිබූ අතර එම COMPUTER HAERD DISK තුල ඉතා සූක්ෂමව කෝටි අටකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05, ග්‍රෑම් 112 ක් සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත. සැකකරු සොයා වැඩිදුර විමර්ශන විශේෂ කාර් ය නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments