23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

බ්‍රිතාන්‍යයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින නව කොවිඩ් වෛරස ප්‍රභේදය අමෙරිකාවෙන් ආරම්භ වන්නට ඇති බවත් එය මේ වන විටත් එරට තුල ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි බව විද්‍යාඥයින් සඳහන් කර සිටිනවා.

මෙම වෛරස ප්‍රභේදය අනෙක් කොවිඩ් වෛරස් ප්‍රභේදයන්ට වඩා සීයයට 70 ක වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත් එය ළමුන්ට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බවයි විද්‍යාඥයින්ගේ මතය වී ඇත්තේ.

ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ යුරෝපා සංගමයට අයත් රටවල් ඇතුළු ලොව රටවල් 40 ක් පමණ මේ වන විට බ්‍රිතාන්‍යයේ ගුවන් යානා වලට තහනම් පැනවීමට ඊයේ සිට පියවර ගෙන ඇත.

ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ පාලක ඒජන්සියේ හිටපු ප්‍රධානියෙකු වන ස්කොට් ගොට්ලීබ් CNBC පුවත් සේවය සමග එක්වෙමින් කියා සිටියේ VUI202012/01 නමින් හඳුන්වන බ්‍රිතාන්‍යයෙන් හමුවූ මෙම නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විටත් අමෙරිකාවේ ඇති බවත් සංචරණ තහනම මගින් එය පාලනය නොවනු ඇති බවයි. 

” ලොවපුරා මෙම වෛරසයේ ව්‍යාප්තිය සිදුවීමත් සමග ඉදිරියේ දී තවත් වෙනස් ආකාරයේ වෛරස් ප්‍රභේදයන් මතුවීමේ අවධානමක් ඇති බව” ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටියා.

අමෙරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ වෛරස වේදය සම්බන්ධයෙන් විද්‍යාඥවරයෙකු වන ජෙරමි ලුබාන් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ නව වෛරස් ප්‍රභේදය අමෙරිකාවේ දී ආරම්භ වන්නට ඇති බවයි. බ්‍රිතාන්‍යයේ පවතින ජානමය අනුක්‍රමික වැඩසටහන යටතේ සිදුකරන ලද පරීක්ෂණයෙන් එම වෛරස් ප්‍රභේදය පළමු වරට එරටින් හඳුනා ගන්නට ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියා.

මේ අතර බ්‍රිතාන්‍යයේ කොවිඩ් උපදේශක මණ්ඩලයේ විද්‍යාඥයෙකු වන කැලම් සෙම්පල් ඊයේ අනතුරු ඇඟවූයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත විය හැකි බවත් එය වෛරසයේ වෙනත් ප්‍රභේදවලට වඩා තරඟකාරී වනු ඇති බවයි.

පසුගිය මාස 02 කට ආසන්න කාලය තුලදී දෛනිකව අමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාත්මකව ඉහළ යාමක් දක්නට ලැබුණා. ඇතැම් විට දිනකට අමෙරිකාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2කට අධික වුවා. මෙලෙස කොවිඩ් ආසාදිතයින් ඉහළ ගියේ නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය නිසාද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයින් මත සැකපළකර සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments