නව ව්‍යවස්ථාවක් සකසන්න සූදානම් වන මේ අවස්ථාවේදී ව්‍යවස්ථාවේ කොටස් සංශෝධනය කරන කොට තිබු සමාජ සංවාද නොමැතිවීම කණගාටුවක් වන අතර මේ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් හා මහජන අදහස් විමසීමක් පැවැතිය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(23) පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විධායක අධ්‍යක්ෂවරයා මෙසේද කීය..........මෙම මූලික නීතියේ සංශෝධන පැවතින අවස්ථාවේදී විශාල සමාජ කතිකාවන් නිර්මාණයවුණා අපිට දකින්න ලැබුණා. එහිදි 13 වෙනි සංශෝධනයේ විශාල අරගලයක් රට තුල සිදුවුණා. 17 , 19, 20 සංශෝධනවලදී සමාජ කතිකවාන් සිදුවන හැටි අපි දුටුවා ඒ ව්‍යවස්ථාවේ කොටසක් සංශෝධනවනවිට එසේ සිදුවුණත් , අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා, රූපවාහිණි, ගුවන් විදුලි ඇතුළු මාධ්‍ය තුල විශාල සාකච්ඡා මතුවුණා. විද්වතුන් ඒ ගැන විවිධ අදහස් පළ කළා. එවැනි විශාල සංවාදයක් මේ ව්‍යවස්ථාවේ කොටසක් සංශෝධනය කිරීමේදි ඇතිවුණා. නමුත් සම්පූර්ණ ව්‍යවස්ථාව සකසන අවස්ථාවේදී එවැනි උද්යෝගිමත් සංවාදයක් නැහැ. පත් කර තිබෙන කමිටුවත් පුළුල් සාකච්ඡාවක් මේ ගැන සිදුකරන්න උත්හයක් දරනවා අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි එම කමිටුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්න කැමතියි මේ රටේ මූලික නීතිය වෙනස් කරන්න සූදානම් කරන මේ අවස්ථාවේදී මහජන අදහස් ලබාගැනීමට අවකාශය පුළුල් කරන ලෙස ඉල්ලනවා. . මේවනවිට වර්තමාන රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කෙටුම්පත් සම්පාදන මණ්ඬලයක් පත් කර තියෙනවා. සිවිල් සංවිධානයක් ලෙස පැෆරල් සංවිධානය එම කමිටුවට අපි අදහස් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් පැෆරල් සංවිධානයේ දිස්ත්‍රික්ක සංවිධායකවරුන් වගේම අපිත් කටයුතු කරන දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය කණ්ඩායම් , මාධ්‍ය කණ්ඩායම් , විශ්වවිද්‍යාලව කණ්ඩායම් හා වෙනත් තරුණ කණ්ඩායම් යන බොහෝ පිරිස් සමග සාකච්ඡා කරලා තියෙනවා. මෙහිදි අප අදහස් කරන්නේ සම්පූර්ණ ව්‍යවස්ථාව පිළිබඳ අදහස් කරන්න නොවේ. මැතිවරණයට අදාල අපේ යම් දැනුමක් තිබෙන ක්ෂේත්‍රය ගැන අදහස් ලබාදීමටයි. ඒ සඳහා අපි අභ්‍යන්තරිකව අපේ කමිටුවකුත් අපි පත් කරගෙන තිබෙනවා. නීතිඥවරයෙක් දිස්ත්‍රික්ක සාකච්ඡා සමාලෝචනය කරමින් සිටිනවා. ඒ තොරතුරු මෙම (30)ට පෙර අදාල ආණ්ඩුව පත් කර තිබෙන ව්‍යවස්ථා කමිටුවට ලබාදෙන්න. ඒ වගේම පැෆරල් සංවිධානයත් සාමාජිකත්වය දරණ මාර්තු 12 ව්‍යාපාරය පිරිසිදු දේශපාලනයක් සඳහා කටයුතු කරන ව්‍යාපාරයක් හැටියට එම කණ්ඩයම් සමගත් අපි සංවාද ආරම්භ කරලා තියෙනවා. එම ව්‍යාපාරය ලෙසත් අදහස් ව්‍යවස්ථා කමිටුවලට ලබාදීමට අද(23) දිස්ත්‍රික්ක හතරක් සමග සාකච්ඡාවක් ෂූම් මාධ්‍ය හරහා සිදු කළා. එම යෝජනාත් ලබන (31)ට පෙර ලබාදන්න කටයුතු කරනවා. ඒ වගේම අපි මෙම ව්‍යවස්ථා කමිටුවෙන් ඉල්ලා සිටින්න කැමතියි රටක ව්‍යවස්ථාව කියන්නේ මූලික නීතිය නිසා මෙම මූලික නීතිය සංශෝධනය කරන අවස්ථාවකදී පුළුල් ලෙස මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. මීට පෙරත් චන්ද්‍රිකා මැතිණියගේ පාලන සමයේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වාර්තාවක් ඉදිරිපත්වුණා. පසුගිය යහපාලන සමයේත් එවැනි ක්‍රියවාලියක් හා සංවාදයක් ඇතිවුණා. ඒවා අධ්‍යනය කිරීමක් හෝ පුළුල් ලෙස ජනතාවගේ අදහස් ලබාගැනීමක අවශ්‍යතාවයක් අපි පෙන්වා දෙනවා. මේ සඳහා අපේ ඉල්ලීමක් අනුව මාසයක් කාලයක් කමිටුවේ කටයුතු දීර්ඝ කිරීම ගැන ස්තූති වන්ත වෙනවා
නව ව්‍යවස්ථාවක් සදහා මහජන අදහස් විමසීමක් පැවැතිය යුතුයි
RELATED ARTICLES