කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුවි තිබෙන ගැටලුව ගැන කඩනම් සාකච්ඡාවක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව වාණිජ කර්මාන්තසේවා හා ප්‍රගතිශීලි සේවක සංගමයේ වරාය ශාඛාවේ සභාපති සංජීව වැලිගමගේ මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදී අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ විෂය භාර ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සමග වරාය අධිකාරියේ සියලු වෘත්තීය සමිති සාකච්ඡා කළ අතර එහිදි ඒ මහතා පැවසුවේ 51%ක කොටස් අපිටත් 49%ක කොටස් එය ගන්නා සමාගමට ලබාදී මෙමගැටලුව විසඳීමට බලාපොරොත්තුවන බවයි. නමුත් වරායේ සේවකයින් ඊට අකමැති අතර වෘත්තීය සමිති හා ඇමැති අතර සාකච්ඡා එහිදි අසාර්ථක විය. ඉන්පසු වෘත්තීය සමිති තීරණය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡාවක් කළ යුතු බවයි. මේ සඳහා රුපියල් මිලියන දාහත්දහස් හත්සිය අසුහයක මුදලක්ද 2020 හා 2021 වසර සඳහා නැඟෙනහිර ජැටියේ සංවර්ධන කටයුතු සඳහා වෙන්කර තිබෙන බවද මෙහිදි සිහිපත් කළ යුතු යැයි ඒ මහතා කීවේය.