පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වැටලීම් , විමර්ශන. නඩුපැවරීම්,නඩුවලට පෙනිසිටීම හා බැඳුණු සියලුම නීතිමය කරුණු පිළිබඳ, ඊට අදාළ නිලධාරින් සඳහාවු පුහුණු වැඩමුළුවක් ඉකුත් (14) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
මෙහිදි දේශනය අධිනීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය සිදුකළ අතර මේ අවස්ථාවට අධිකාරියේ නිලධාරින් තුන්සිය පනහක් පමණ සහභාගිවු අතර අධිකරණයේදි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් නඩු මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳවද 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනතේ විධිවධාන යටතේ ක්‍රියා කළ යුතු ආකාරයද මෙම වැඩමුවවේදි දැනුවත් කිරීමක් සිදුකෙරණි.
වැඩමුළුමේ සමාරම්භක අවස්ථාව සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටි.අයි.උඩුවර මහතා, අධ්‍යක්ෂ ජනරාල් තිලකරත්න බණ්ඩාර, විධායක අධ්‍යක්ෂවරුවන ජයන්ති විජේතුංග,සුනිල් ජයලත්, විකුම් බස්නායක යන මහත්ම මහත්මින් හා නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරු නීති නිලධාරින් ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරින් එක්ව සිටියහ.

