ජනාධිපතිවරණයේ නාමයෝජනාභාරදීම අද පෙරවරු 9.00 සිට 11.00 දක්වා සිදුකෙරේ. ඉන්පසු විරෝධතා දැක්විමට අවස්ථාව ලබාදෙනු ඇත මේනවිට අපේක්ෂකයින් හතළිස් දෙනකු ඉදිරිපත්වී සිටියි.
මෙහිදි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා කියා සිටියේ නාමයෝජනා භාරදිමෙන් පසු සාමාකාමිව තම නිවෙස් බලා යන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි. අපෙක්ෂකයින් මැතිවරණ කොමිසම අද පැමිණෙන විට අපේක්ෂකයා හා නාමයෝජනා පත්‍රයට අත්සන් කළ පුද්ගලයාට හා තවත් දෙදනකුට පැමිණෙන්න හැකි අතර ඒ එන අයට මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ ගොඩනැඟිල්ලක පහසුකම් සලසා තිබෙන බව කිවේය.
එමෙන්ම අද නාමයෝජනා දිනයේ දහසක පොලිස් ආරක්ෂාව ලබාදී තිබෙන අතර විශේෂ රථවාහන සැලසුමක්ද මැතිවරණ කාර්යාලය යාබද මාර්ගවල අද ක්‍රියාත්මකවන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.