ජන අරගල සන්ධානය මේ හමුව කැඳවන්නේ මැතිවරණ වේදිකාවල කතාවෙන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් . එය (18)පැවැත්විණි. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා මෙසේද කීය……. දැන් ජනතාව කල්පනා කරනවා ඊලඟට එන ජනාධිපති මේ ප්‍රශ්න විසඳයි කියලා . දැන් රනිල් ඊයෙ කිව්වා මං බංකොලොත් භාවයෙන් රට බේරගත්තා ඒ නිසා මට ඡන්දෙ දෙන්න කියලා . දැන් ඒකට හුරේ දානවා පහුගිය කාලේ හැම පක්ෂෙටම පැන පැන හිටපු නිමල් සිරිපාල ඇතුළු නඩය. තව පැත්තකින් නාමල් එනවලු රට බේරගන්න. එයාට හුරේ දානවා තිස්ස කුට්ටි ආරච්චිලා ජෝන්ස්ටන්ලා.
විපක්ෂෙ පැත්තෙන් දැන් සජිත් ඇතුළු පිරිසත් රට බංකොලොත් භාවයෙන් බේරගන්නව කියලා හුරේ දානවා. තව අය අලුතෙන්ම බලේ ගන්න ඇවිත් ජනාධිපති වෙන්න සූට් මහගෙන බලාගෙන ඉන්නවා. දැන් මේ හැමෝම යන පාර තමයි IMF පාර. රටේ ජනතා දේපළ විකුණන පාර. මේ ණය ගන්න කෙවිට දැන් රනිල් අතේ. මේ කෙවිට ගන්න තමයි හැමෝම පොරකන්නෙ. අපි කියන්නෙ කෙවිට අතේ තියෙන කෙනා මාරු වුනාට කෙවිටෙන් බැට කන්නෙ ජනතාව. ඒ නිසා අපි කියන්නෙ මේ කෙවිටත් එක්කම කෙවිටෙන් අපිට තලන හැමෝම එකට තියල පරාජය කරන්න ඕන.
දැන් අපි දැක්කා මැතිවරණයට කෝටි ගණං වියදම් කරන්න අපේක්ෂකයෝ සූදානම් වෙලා ඉන්නව. දැන් ස්වාධීන කියාගෙන එන රනිල් රාජ්‍ය භාණ්ඩාගරේ සල්ලි වියදම් කරනවා ඡන්දෙට. රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරනව එයාගෙ කැම්පේන් එකට.
දැනට පනතෙ තියෙන්නෙ එක ඡන්ද දායකයෙක්ට පක්ෂයකින් වැය කරන්න පුලුවන් රුපියල් 20යි. හැබැයි දැන් සිකුරාදා සාකච්ඡාවේදී පක්ෂ කියලා තිබුණෙ මේ ගාන 200 300 400 දක්වා වැඩි කරන්න. එතකොට මේ කෝටි ගණං සල්ලි කොහෙන්ද මේ පක්ෂ වලට. මේ එන්නේ හොරාකාලා හංගපු සල්ලි. ජාවාරම්කාරයන්ගේ සල්ලි. ඊටපස්සෙ බලේ අරං මේ හොරු ජාවාරම් කාරයෝ සතුටු කරන්න තමයි මේ සූදානම වෙන්නෙ.
ඒ නිසා අපි කියන්නෙ මේ හොරාකෑම නවත්තල මේ හොර මගඩිය නවත්තලා මේ රටේ ඇත්ත ක්‍රම වෙනසක් කරන්න . නුවන් බෝපගේ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ මොරින් නූර් ……..දැන් රනිල් කිව්වා එයාට මේ රටට ඩොලර් ගේන්න උදව් කල විදෙස් කාන්තාවෝ තුන්දෙනෙක් ගැන. අපි රනිල්ගෙන් අහන්නෙ. මේ රටේ දුක් විඳින පිටරවල ගිහිල්ලා දුක් විඳින තේ දළු කඩන , ගාමන්ට් වල වැඩකරන කාන්තාවෝ රනිල්ට අමතක වෙලාද ? අපේ රටේ ගැහැණු හැමදාම දුක් විඳිනවා.
ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා කාන්තාවෝ දිවි නසා ගන්නවා. දැන් අවුරුදු 75ක් විතර පාලකයෝ මේ රටේ ඉන්නවා. හැබැයි තාම රට ගොඩගන්න මේ ගොල්ලන්ට බෑ. මේගොල්ලො වෙසක් කාලේ ඔලුබක්කො වගේ . අලුත් වෙස් මුහුණු දාගෙන කාලෙන් කාලෙට ඡන්දෙ ඉල්ලන්න එනවා.
දැන් අලුතෙන් ආපු පක්ෂත් කියනවා සහෝදරයා අපි ප්‍රශ්න විසඳනවලු. අපි අහනවා ඒගොල්ලොත් හිටියෙ ඔය පාර්ලිමේන්තුවේ නෙමෙයි ද ?
මේ කාටවත් රටේ ප්‍රශ්න අදාල නෑ. මේගොල්ලන්ට ඕන හොරාකාපු සල්ලි වලින් මේ ඡන්දෙ දිනලා ආයෙම හොරා කන්න.
අපි මේ ඉදිරිපත් කළ නුවන් බෝපගේ සහෝදරයා තමයි එදා අරගලකරුවන් වෙනුවෙන් හිටගත්තෙ. උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී හිටියෙ. පාලම් හදන්නම් වතුර දෙන්නම් කියලා බොරු පොරොන්දු දෙන්න අපිට ඕන නෑ. අපි කරන්න පුලුවන් තමයි කියන්නෙ.
දැන් අලි බබාල එනවා ඡන්දෙ ඉල්ලන්න. ගොං පුත්තු ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න. අපි කියන්නෙ ඒගොල්ලන්ට කරන්න පුලුවන් දෙයක්. නෑ.
ජන අරගල සන්ධානයේ තරිඳු උඩුවරගෙදර…….. දැන් තියෙන්නෙ පාරවල් දෙකයි. IMF යන එක . නැත්නම් නොයා ඉන්න එක. දැන් 9 වතාවක් IMF ගියා. 6 වතාවක් කොන්දේසි ඉටු කලා. 1990 ගණංවල රාජ්‍ය ව්‍යවසය සංවර්ධනය කියලා කර්මාන්ත පෞද්ගලිකරණය කලා අයි එම් එෆ් සතුටු කරන්න.
දැන් සමහර විට කුනු කොල්ලෙට විකුණපුවා නැවත පවර ගන්න වුනා. මිනිස්සු සටන් කළා.දැන් මිනිස්සු මේක ඇති කියලා පාරට බැහැලා ඉන්න ජනාධිපති එලෙව්වට පස්සෙත් 16 වෙනි වතාවටත් මේගොල්ලො IMF ගියා. අපි කියනවා අපි පැහැදිලිව IMF එකෙන් ඉවත් වෙනවා. සුරංගනා කතා නොකියා මැතිවරණ ප්‍රතිපත්ති වලට මේ තීරණ දාලා පෙන්නන්න කියලා අපි ඔය අපේකයන්ට අභියෝග කරනව.
සෞඛ්‍ය අධ්‍යාපනය විකුණනවද නැද්ද . ජනතා සුබසාධන තියෙනවද නැද්ද කියලා තමන්ගේ ඍජු ප්‍රතිපත්ති පුලුවන් නම් ජනතාවට කියන්න.