21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්වයින් ස්ටෝර්ස්වලට බාර් පර්මිට්වලට අපි අපේ ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නැහැ -...

වයින් ස්ටෝර්ස්වලට බාර් පර්මිට්වලට අපි අපේ ආත්ම ගරුත්වය පාවා දෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

තමා සහ තමාගේ කණ්ඩායම බාර් පර්මිට් වයින් ස්ටෝර්ස් පර්මිට් වරප්‍රසාද වරදානවලට මිලදී ගත නොහැකි බවත් මුදලට තනතුරුවලට ආත්මගරුත්වය ⁣පාවා දී වෙන්දෙසි නොවන බවත් තමා රට ⁣විකුණන්නේ හෝ වෙන්දේසි කරන්නේ හෝ ජනතාව පාවා නොදෙන බැවින් තමා විශ්වාස කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කටුනායක පැවැති සමගි ජන බලවේගය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යන මහා ජන රැළය අමතමිනි.

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා

කොච්චිකඩේ කටුවාපිටිය මඩකලපුව ⁣හා හෝටල් ගණනවක සිදුු වූ මිලේච්ඡ ප්‍රහාරය ගැන මේ මොහොත වන විටත සත්‍ය අනාවරණය වී නැති බවත් නායකත්වය දුන් අය ගැන දැනුවත් නැති බවත් සත්‍ය යථාර්ථය හෙළි වී නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සත්‍ය හෙළි කරනවා කියා කතෝලික ප්‍රජාව ප්‍රමුඛ සමස්ත ජනතාව නෙමග යැවු බවත් ඔහුගෙන් පසු බිහි වූ රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අඩිපාරේ ගොස් මේ ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන සත්‍ය හෙළිදරව් වීම වළක්වන්න කටයුතු කළ බවත් පසුගිය දිනක තමා කාදිනල් හිමියන් හමු වූ අවස්ථාවේ සැප්තැම්බර් 21 වැනිදා තමා ජන වරමින් ජයග්‍රහණය කර ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අගතියට පත් සාමාජිකයකු ලෙස පාස්කු ප්‍රහාරයෙ සත්‍ය සෙවීමට දේශීය හා විදේශීය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කර විනිවිදභාවයෙන් යුක්තව සත්‍ය සොයා මෙයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් ලබා දිය හැකි උපරිම දඩුවම ලබා දෙන බවච විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ප්‍රහාරයෙන් පසුව මේ දේවස්ථාන නැවත හදන්න වැඩ කළේ තමා ඇතුළු පිරිස බවත් විපතට පත් පවුල්වල ප්‍රජාවට ගෙවල් පවා සාදා දුන් බවත් ගෙවල් හදා ජීවනෝපාය හදා දුන්නා කියා මේ නැතිවුණ වටිනා ජීවිත ලබා දිය නොහැකි බවත් මේ දේවස්ථාන ගොඩනගන විට එවක ආණ්ඩුවේ අය එයට බාධා කළ බවත් මොන දේ කළත් ඒ වටිනා ජීවිත ලබාගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි නම් හොරු රකින්නේ නැ

තමා හොරු ත්‍රස්තවාදීන් රකින්නේ නැති බවත් රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමයෙන් මේ සුලමුල මේ සත්‍ය සොයනවා සේම මෙයට සම්බන්ධ සියලු දෙනාට දැඩි දඩුවම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැකියා නොමැති තරුණයන්ට නව ව්‍යවසාය අවස්ථා

එ⁣සේම රැකියා නොමතිි තරුණයන් වෙනුවෙන් ව්‍යවසායකයන් මිලියනයක් නිර්මාණය කර ඔවුන්ට තමන්ගේම ජීවනෝපාය කර ගෙන යාමට අවස්ථාව ලබා දෙන බවත් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ඇති කරන බවත් යොවුන් සේනානායක කම්කරු අමාත්‍යාංශය යටතේ එම මධ්‍යස්ථාන එක වැඩපිළිවෙළකට ගෙන ක්‍රියාත්මක කරන බවත් නව තාක්ෂණ දැනුම සුහුරු දැනුම ලබ දී සුහුරු පුරවැසි පරපුරක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ගොඩගැනීමට නව වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් කඩාවැටුණුු මේ ව්‍යාපාර ගොඩගන්න ප්‍රාග්ධනය ලබ දෙන බවත් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ශක්තිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් දුුෂණය වංචව හොරකම තුරන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හොරු එක්ක ඩීල් දාන්න නම් අපිට බෑ

දින 52දී මෙන්ම ගෝඨාභය රාජපක්ෂ පවා අගමැතිකම බාරගන්න තමාට කතා කළ බවත් ඒවා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නිසා ඒවා කළේ නැති බවත් ඒවා බාර ගත්තා නම් හොරු රකින්න, රට බංකොලොත් කළ, පාස්කු ප්‍රහාරයෙ සත්‍ය වසන් කරන අය රකින්න සිදුවන බවත් මේ අවස්ථාවේ තමා ඒ ගැන සතුටු වන බවත් ජනතාවගේ ආශිර්වාදයෙන් මිස තමා බලය ලබා නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමා බලයට පැමිණි විට රට බංකොලොත් කළ හොරු අල්ලා හොරු හොරා කෑ මුදල් සම්පත් නැවත රටට ලබා ගන්නා බවත් එම මුදල් උපයෝගී කර ගෙන රටෙ සුබසිද්ධිය උදෙසා යොදා ගන්නා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments