26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedපඩි වැඩිවීම ඉලක්කමෙන් පමණක් නොව වැඩි කරන ක්‍රමවේදය අනුවත් ප්‍රකාශ කළ යුතුයි-අධ්‍යාපන...

පඩි වැඩිවීම ඉලක්කමෙන් පමණක් නොව වැඩි කරන ක්‍රමවේදය අනුවත් ප්‍රකාශ කළ යුතුයි-අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

 හුදු ඡන්ද පොරොන්දු මගින් වර්තමාන ගුරුවරුන් රැවටිය නොහැකි බවත් ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය‍ සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය සේවකයකුගේ අවම වැටුප රු. 55,000/-ක් වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මුදල් අච්චු ගැසීමකින් තොර ව බංකොලොත්භාවයෙන් රට මුදා ගත් පරිදි ම ඉදිරි සැලසුම් ද සකස් කර ඇති බවයි. වෙනත් දේශපාලන පක්ෂ ඊට වඩා වැඩි මුදලකින් පඩි වැඩි කරන බව පැවසුවත් ඊට අදාළ කිසි දු ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම නිසා මහජන විශ්වාසය දිනාගත නොහැකි වන බව කී අමාත්‍යවරයා රජය සකස් කර ඇති අය-වැය සැලසුම් අනුව අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමවේද හරහා මෙම වැටුප් වැඩිවීම ක්‍රියාවට නැංවීමේ දී ගුරුවරුන්ගේ වැටුප් ඉතා ඉහළ අගයකින් වැඩි වන බව ද පැවසී ය. එසේ ම මෙම වැටුප් වැඩිවීම සිදු කරන බව රජය පවසන්නේ සහේතුක ව බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවසී ය. 

බදු වැඩි නොකර ණය ලබා නොගෙන, මුදල් ද අච්චු නොගසා වැටුප් වැඩි වීමක් සඳහා මුදල් ප්‍රතිපාදන සපයා ගන්නා ක්‍රමවේදය පිළිබඳ විශාල ලෙස පඩි වැඩි කරන බවට දේශපාලන වේදිකා‍වල ප්‍රකාශ නිකුත් කරන අය පැහැදිලි කළ යුතු ව ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යවරයා කී ය. රජය විසින් බංකොලොත්භාවයේ සිට වසර දෙකක් පමණ ක්‍රමානුකූල ව ගොඩනගාගෙන පැමිණෙන රටේ ආර්ථිකය ඉදිරියටත් වර්ධනය කිරීමේ හැකියාව හා පඩි වැඩි කිරීමේ සැබෑ හැකියාව වත්මන් රජය සතු ව පවතින බව ද හෙතෙම අවධාරණය කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments