21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්“රටට හෙටක්” සහය සජිත් ප්‍රේමදාසට

“රටට හෙටක්” සහය සජිත් ප්‍රේමදාසට

“රටට හෙටක්” සමාජ සත්කාරක වැඩසටහනේ සංවිධායක ලෙස කටයුතු කරන ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු වන සරත් කලුගමගේ මහතාගේ සහය මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇත.

රට අරාජික කොට ඒ මතින් බලය පවත්වාගෙන යාම සඳහා වන යම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවට සාධාරණ සැකයක් හටගන්නා බව ඒ මහතාගේ අදහසයි. සර්වජන බලය නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාද  මෙම සැකය මේ වන විට මතු කර ඇත. රටට නිදහස ලැබීමෙන් පසු මේ දක්වා වූ කාලය තුළ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණ හා අරගල හේතුවෙන් රටත් ජනතාවත් හොඳටම හෙම්බත් වී සිටී. එබැවින්, මෙරට තුළ සිටින සෑම බුද්ධිමත් අයෙකුම දෙවැනි මනාපයක් ගණනය කිරීමකට ඉඩ නොතබා සජිත් ප්‍රේමදාස මහතාට හැකි උපරිම ඡන්ද ප්‍රමාණයක් ලබාදී රටේත් ජනතාවගේත් අනාගතය සුරක්ෂිත කළ යුතුව ඇත. යම් හෙයකින් දෙවැනි මනාපය ගණින අවස්ථාවක් උදා වුවහොත් එම අවස්ථාව දේශපාලන වශයෙන් නන්නත්තාර වී සිටින රනිල් වික්‍රමසිංහ මහතාට සිය ඉලක්කය වෙත යාම සඳහා දේශපාලන වැල් පාලමක් වනු ඇති බව සරත් කලුගමගේ මහතා කියා සිටියි. රට බංගලිදේශයක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට ඇති එකම මාර්ගය අවශ්‍ය උපරිම ඡන්ද සංඛ්‍යාව ලබාදී පළමු වටයෙන් ම සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම බවද ඒ මහතා කියා සිටියි.

සරත් කලුගමගේ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ අයෙකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කිරීම සඳහා සිය පක්‍ෂය ලබාදුන් ආචාර්ය විමල් ගීගනගේ මහතාගේ පවුලේ සමීතම ඥාතියකුද වන ඒ මහතා 2018 වර්ෂයේ පැවැති පලාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මාතර – තිහගොඩ ප්‍රාදේශීය සභාවට ද තරග කළේය.

හෙතෙම මෙරට සිදුවන සමාජ – දේශපාලන කටයුතුවලදී පුළුල් කතිකාවන් ගොඩ නැගීමට අවශ්‍ය තාර්කික හා මූලෝපායික වශයෙන් ශක්තිමත් අදහස් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ක්ෂේත්‍රය තුල නමක් දිනා සිටින්නෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments