පවුල් හා සමාජ වශයෙන් සවිබල ගැන්වීමේ ප්‍රතිපත්ති සකස් කිරීම පිළිබඳ යෝජනා ඉදිරියේදී නව නායකත්වයට ලබාදීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා සමාජවැඩ වෘත්තීයවේදීන්ගේ සභාපති ශාමිනි අත්තනායක මහත්මිය ප්‍රකාශ කළාය.
දුමින්ද ගුරුගේ සහ අනුර ප්‍රේමලාල්
ඒ මහතා මේ බව සඳහන් කළේ අද(02) කොළඹ ජානකි හෝටලයේදී මේ සම්බන්ධයෙන් පැවැති වැඩමුළුවකට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා කියා සිටියේ. මේ රටේ පවුල් ලක්ෂ පනස්පහකින් ලක්ෂ විසිහතරක් විවිධ ආධාර ලබමින් සිටින අතර එම ප්‍රමාණය රටේ පවුල්වලින් ප්‍රතිශතයක් ලෙස 40%ක් බවයි. . මෙය හොඳ තත්ත්වයක් නොවන අතර එබැවින් සමාජ සවිබල ගැන්වීම අත්‍යාවශ්‍යයි. රටක එක එක විෂය ක්ෂේත්‍රවල දැනුම ඇත්තන් වගේම එවැනි දැනුම ඇති අය බිහිකිරීමට උපාධි ලබාදීම, අත්දැකීම් ලබා ගැනීමේ ක්‍රමවේද තිබුණත් සමාජසවි බල ගැන්වීමේ විෂය සම්බන්ධයෙන් දැනුම ඇති අය බිහි කිරීමට ක්‍රමවේදයක් සකස්වී නොමැති බවද පෙන්වා දුන්නේය. එය විශාල අඩුවක් වන අතර ඒ නිසා අපි මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බව කීය.
මෙහිදි අත්තනායක මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය…..මේ වැඩ සටහනේදී අපි විශේෂයෙන් ජපානයේ වැඩිහිටියන් රැකබලාගන්න ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද අවධානය යොමු කරනවා. ආසියාතික රටවල්වල වැඩිහිටියන් , ආබාධිතයන් රැක බලාගැනීම එමෙන්ම දුගි බවින් පුද්ගලයන් මෙන්ම එම ප්‍රජාවන් මුදවාගැනීම සඳහා අපේ රටේ සිදුවන ක්‍රියාවන් මොනවාද ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම හා ඊට වෘත්තිකයින් සම්බන්ධ වන්නේ කොහොමද ඒ ගැන මෙහිදි සාකච්ඡා කෙරේ. මේ වැඩමුළුවෙන් බලාපොරොත්තු වන්නේ සමාජ ප්‍රතිපත්ති සකස් කිරීමේදී සාමජයේ වැඩ, ආකල්ප ,කුසලතා යොදාගෙන සමාජයේ සියලුම අංශ අන්තර් සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කිරීම තුලින් සමාජ සවිබලගැන්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ වෙනුවෙන් යම්කිසි අවධානයක් යොමු කිරීම සහ එම ක්‍රියාමාර්ග ගැනීමේදී එම ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී සමාජවැඩ වෘත්තීයවේදීන්ගේ අත්දැකීම්, දැනුම , කුසලතා වඩාත් වැදගත් වෙන අතර මතුවන අභියෝග ජයගන්නේ කෙසේද යන්නයි.
ඇත්තටම ඊළඟට මේ රටේ පාලනය භාරගන්නා නායකත්වයට මේ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමේදී විශේෂයෙන්ම පහල සිට ඉහලට සකස් කරන වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. පවුල් සවිබල ගැන්වීමේදී බිම්මට්ටමේ සිටින අයට දැනෙන අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. පහළ ප්‍රජා මට්ටමේ සිටින අයගේ ප්‍රශ්න හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කරලා ගැටලු තිබෙන පවුල් හඳුනාගන්න අවශ්‍යයි. මෙය පවුල්,කණ්ඩායම් හා ප්‍රජාමට්ටමින් සංවර්ධන වැඩසටහන් සකස් කළොත් තමයි අපිට අපේ රටේ ජනතාව සවිබල ගන්වන්න පුළුවන් වෙන්නේ. පුද්ගලයා අද්විතීයයි, විවිධයි, විවිධ අදහස් තිබෙන්නේ මේ අයට සුවිශේෂි වැඩසටහන් සිදුවිය යුතුයි. මේවා ප්‍රාදේශීය වශයෙන් වෙනස් වෙනවා. පුද්ගලයාගේ පවුල් පරිසරය අනුව වෙනස් වෙනවා. හැකියාවන් අනුව වෙනස් වෙන අතර මේවා හඳුනාගෙන පවුල් සවිබල ගැන්වීම තුලින් පසුව ප්‍රජාව සවිබල ගැන්විය යුුතුයි.
අපි සෑමදාම ආධාරමත යැපෙන්න හොඳ නෑ. ආධාර ලබන අය එක මට්ටමකට පැමිණියාම ආධාර නතර කළ යුතුයි. අනතුරුව යැපුම් මානසිකත්වය නැතිව ස්වාධීනව පුද්ගලයන් තමන්ගේ ශක්තියෙන් නැගි සිටීමට අවශ්‍ය සහයෝගය ලබාදීම තමයි රජයක ප්‍රතිපත්තිවලින් සිදුකළ යුත්තේ කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳ යෝජනාවක් නව රජයකට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.
මෙහිදි මහාචාර්ය සිරී හෙට්ටිගේ,මහාචාර්ය සරෝජ් ජයසිංහ,ජපාන සමාජ වැඩ සංවර්ධන විද්‍යාලයේ මහාචාර්ය මිචිකෝ ඔහාරා,ජපාන සමාජ වැඩ සංවර්ධන විද්‍යාලයේ මහාචාර්ය ව්ක්ටෝර් විරාග්,බංගලිදේශයේ මහජන විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හබිබර් රහ්මාන්,ශ්‍රී ලංකා සමාජ වැඩකරුවන්ගේ සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය අමරවංශ රණවීර සම්පත්දායකත්වය ලබාදුන්හ.
ශ්‍රී ලංකා සමාජ වැඩ සම්මේලනයේ භාණ්ඩාගාරික නලීන් ධම්මික සහ ශ්‍රී ලංකා සමාජ වැඩ කරුවන්ගේ සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් සුහයිර් කාදර් ස්තුති කතාව කළේය .විධායක කමිටු සාමාජිකයන් වන ජනක රත්නායක ,ගාමිණී බණ්ඩාරනායක ,නිමල් ගුණසේකර ,චතු ගුණසිංහ ,රසිකා සමන්මලී,සෞම්‍යා ජයසූරිය යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.
