21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වරාය තුල කන්ටේනර් රථ රියැදුරෙකු මිය යෑම සම්බන්ධයෙන් බලධාරීන් වග කිව යුතුයි-...

වරාය තුල කන්ටේනර් රථ රියැදුරෙකු මිය යෑම සම්බන්ධයෙන් බලධාරීන් වග කිව යුතුයි- කන්ටේනර් රථ සංගමයේ සභාපති

මේ දිනවල වරාය තුල කන්ටේනර් හිරවි තිබෙන තදබදය නිසා ඒවා රැගෙන යෑමට ගිය ලොරි රථ රියැදුරෙකු මිය යයි.

මේ සම්බන්ධයෙන් කන්ටේනර් රථ සංගමයේ සභාපති සනත් මංජුල මහතා අදහස් දක්වමින්. ඉකුත් රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතු කොටගෙන මේ දක්වාම බහලුම් පටවාගත් ලොරි රථ අධික තදබදයක් තිබෙනවා. බහලුමක් පටවාගත් ලොරි රථයකට කවදා වරායෙන් ඉවතට යන්න හැකිවන දිනය කියන්න බැරි තරම්ය.

මේ තත්ත්වය දිගින් දිගටම තිබෙන නිසා අපි රේගුවට කරුණු පැහැදිලි කිරීම් සිදුකළා. ඔවුන් මේකට විවිධ විකල්ප යෝජනා සිදුකළත් නිසි විසඳුමක් ලබාදෙන්නේ නෑ. මේ බහලුම් පටවන්න එන රියදුරන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් නෑ. ඒ නිසාම මේ රියැදුරන් විඳින දුක් කන්දරාව ගැන බලධාරින් දැනුවත් සිදුකළත්. මේ දුක් පීඩාව මැද රියැදුරෙක් ලොරියක් තුලම මියගොස් තිබෙනවා. මේ රියැදුරන් සිරවීම තුල සෑම අංශයකම අපහසුතාවයක් පත්වීමට නියමිතයි. ඒ නිසා මේ තත්ත්වයට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙස අවධාරණයෙන් කියා සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments