මිදිගම පොලිස් වසමේ ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු එදිනම හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ උප පොලිස් පරික්ෂක ඒ.එම්.ආර්.පි. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19 ) මිදිගම පොලිස් වසමේ අහංගම ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී හෙරොයින් ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 30, 38 වයසේ පසුවන අගුලුගහ සහ කෝට්ටේ යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර මොවුන්ගෙන් සිදු කරණු ලැබූ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී එදිනම මිදිගම පොලිස් වසමේ ගොවියාපාන පාලම අසල දි වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීමට සම්බන්ධව සැකකරුවන් බවට අනවරණය වී ඇත.