අද(24) නුගේගොඩ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය…….ජනාධිපතිවරණය අවසන්. නව ජනාධිපතිවරයෙක් තේරීපත්වෙලා ඉන්නේ. පැරණි සම්ප්‍රදායික දේශපාලන පක්ෂ රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමක් දකින්න පුලුවන්. ඒක ලංකාවේ දේශපානයේ නව බලාපොරොත්තුක් විදිහට අපි දකිනවා. මේ ප්‍රතිඵලයට පසුගිය කාලේ රටේ ඇතිවෙච්ච ආර්ථික දේශපාලන අර්බුදය බලපෑව බව අපිට පේනවා. මේ අර්බුදයේ වැඩි වගකීමක් මේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සතුයි. එහි යම් තාර්කික අවසානයක් විදිහට තමයි 2022 ජනතා නැගිටීම සිදු වුනේ. 2024 ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් එහිම යම් දිගුවක් විදිහට දකින්න පුලුවන්.
අපි දන්නවා ගෝල්ෆේස් අරගලය අවසන් වුනේ යම් අපේක්ෂාවන් ප්‍රමාණයක් එක්ක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, නව ව්‍යවස්ථාවක් දිනාගැනීම, බදු ක්‍රමය වෙනස් කිරීම, ජනමත විචාරණ කැඳවීමේ බලය ජනතාව සතු කිරීම,දූෂිත පාලන තන්ත්‍රය අවසන් කිරීම ඇතුළු ජනතාවගේ අභිලාෂයන් පහුගිය කාලේ මර්දනය කරන්න යට කරන්න ආණ්ඩුව ලොකු උත්සහයක් ගත්තා. හැබැයි මේ මැතිවරණ ප්‍රතිපල ඔස්සේ එළියට ඇවිත් තියෙන්නෙ ඒ අපේක්ෂාව.
මෙතනම තියන විශේෂ කාරණය තමයි අනුර කුමාර ප්‍රමුඛ මාලිමාව ඉදිරිපත් කරපු ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ ඉක්මවා ගිය ජනතා අපේක්ෂාවක් තමයි මෙතන තියෙන්නෙ. ඒක නිසා අපි හිතනවා මේ අලුත් ආණ්ඩුවට විශාල අභියෝගයක් තියනවා මේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සම්බන්ධයෙන්. අපි දන්නවා පහුගිය කාලෙම ලොකු කතාබහක් ඇති වුනා දූෂණය නැවැත්වීම ගැන. හොරු ඇල්ලීම ගැන. ඒවා වෙන්න ඕන. හැබැයි එතනින් එහාට ගිය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණයක් ගැන තමයි ජනතාව බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.
වාණිජ මණ්ඩලය අද ප්‍රකාශයක් නිකුත් කරල තිබුණා. ඒකෙ කියලා තියෙන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කරන්න, ආර්ථික පරිවර්තන පනත ක්‍රියාවේ යොදවන්න, විදුලිබල පනත ක්‍රියාවේ යොදවන්න වගේ ඉල්ලීම් දහයක් මේ ප්‍රකාශයට ඇතුලත්. එතකොට අපිට පේන්නෙ නව ජනාධිපති පත් වූ මොහොතේ පටන්ම දැන් මේ සුපිරි ව්‍යාපාරික පැලැන්තිය මේ සූදානම් වෙන්නේ මේ රටේ ජනතාව බෙල්ල මුලට හිර කරන තමන්ගේ ප්‍රතිපත්තිය කොහොම හරි ක්‍රියාත්මක කරගන්න. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ යටතේ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච ව්‍යුහාත්මක වෙනස්කම ඉටු කරගැනීම තමයි මොවුන්ගේ අපේක්ෂාව.
මේ මැතිවරණය ඇතුලේ අපේ පණිවුඩය වුනේ IMF එක මැදිහත් වෙන්නේ ජනතාවට සහනයක් අරං දෙන්න නෙවෙයි කියන කාරණය. IMF වගේ ආයතන හැමවෙලාවෙම මැදිහත් වුනේ ලංකාව ණය උගුලක හිර කරන්න මැදිහත් වුන ජාත්‍යන්තර චෞර ධනකුවේර පැලැන්තිය ආර්ක්ෂා කිරීම තමයි මූල්‍ය අරමුදලේ වුවමනාව. ඒක නිසා තමයි IMF ප්‍රතික්ෂේප කරමින් යන ගමනක් අපි යෝජනා කලේ.
ජාත්‍යන්තර ණය දීමේ කොන්දේසි පවා අනුගමනය නොකරමින් බලහත්කාරයෙන් අපි මත පටවන ලද ණය තියනවා.
සමහර රටවල දේශපාලන වුවමනාවන්ට දීපු ණය තියනවා. අපි දන්නවා පහුගිය කාලේ රාජපක්ෂලගේ ප්‍රතිරූපය වර්ධනය කිරීමේ අරමුණෙන් අනවශ්‍ය ව්‍යාපෘති සඳහා ණය ගත්තා. එතකොට මේ ණය දීපු රටවල් එක්ක ඍජුව අපි කතාකරන්න ඕන. මොන පදනම් මතද මේ ණය දුන්නේ ? ඒ ණයවලින් අදාල කාර්‍යයන් ඉටු වුණාද කියලා නිරීක්ෂණය කළාද ? වගේ කාරණා ගැන ඒ රටවල් එක්ක අපි කතාකරන්න ඕන. එහෙම කතාකරලා ජනතාවට ප්‍රතිලාභයක් නොලැබුණු ණය නැවත නොගෙවා සිටීමට අදාළ මැදිහත් වීමක් අපිට කරන්න පුලුවන්. ඒ වෙනුවෙන් වූ අරගලයක් ඉදිරියේදී ජනතාවට තියනවා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ජනතාව එක්ක දිගටම කටයුතු කරනවා.
පහුගිය ජනාධිපතිවරණය තුළ මැතිවරණ වේදිකාවේ බොහෝ අගතිගාමී විවේචන එල්ල කරනවා අපි දැක්කා. විශේෂයෙන් ස.ජ.බ. එක්ක දේශපාලන සන්ධානයක ඉන්න ප්‍රගතිශීලී යැයි කියාගන්නා කණ්ඩායම් අතින් තමයි මේ විවේචන ආවේ. 88 – 89 ගැන විවිධ දේවල් කිව්වා. අනාගාමී රාජ්‍ය ගැන විවිධ මඩ ප්‍රචාර ගෙනිච්චා. මේ හරහා මොවුන් උත්සහ කලේ ලංකාවේ සමාජයෙන් ක්‍රමයෙන් ඈත්වෙන පසුගාමී චින්තනය නැවත නැවත මතුකරගන්න තමයි මොවුන් උත්සහා කලේ. ඒක ඉතාමත් ප්‍රතිගාමී උත්සහයක් විදිහට අපි ප්‍රතික්ෂේප කරනවා. වර්ථමාන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවා අනාගාමික රාජ්‍ය ක්‍රමය පිළිගන්නවා.
රාජ්‍යය ආගමෙන් ඈත් විය යුතුයි කියන සංකල්පය අද ලෝකයම පිළිගන්නවා. මේ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ප්‍රමුඛ අනුර කුමාර දිසානායක දක්වන ලද ප්‍රතිචාරය ගැන විවේචනයක් අපිට තියනවා. ඒ විවේචනය වෙනම අධ්‍යයනය කරන්න ඕන.
එසේ තිබියදීත් එවැනි විවේචන රටේ ජනතාව ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරීම ලංකාවේ දේශපාලනයේ සුවිශේෂ හැරවුමක් විදිහට අපි දකිනවා. ඒ නිසා ඒ ප්‍රතිගාමී දේශපාලන උත්සහයන්ට හසු නොවුන ජනතාව එක්ක අපිට කරන්න දේශපාලනයක් ඉස්සරහට තියනවා. අපි ඒ සඳහා ඉදිරියේදී පූර්ණ වශයෙන් මැදිහත් වෙනවා. ඒ එක්කම පසුගිය මැතිවරණයයේදී අපි ඉදිරිපත් කළ දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ දිනවීම සඳහා අපි කැප වෙනවා.