22.2 C
Sri Lanka
Wednesday, November 26, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්විශ්‍රාමිකයන්ගේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් පාර්ලිමෙන්තුව හමුවේ...

විශ්‍රාමිකයන්ගේ ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් පාර්ලිමෙන්තුව හමුවේ ඉදිරිපත් කරයි.

76 වසරක් පුරා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහය තුළ රට ශක්තිමත් කරන්න සුවිශේෂී සේවාවක් කළ විශ්‍රාමික ප්‍රජාව අන්ත අසරණ වී ඇති බවත් වත්මන් රජය 2025 අදියර 3කින් කළ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක කරන විට රජයට මේ විශ්‍රාමිකයන් අමතක වූ බවත් 2020 සහ 2024 අතර විශ්‍රාම ගිය 154000ටම කිසිදු විශ්‍රාම දීමනා වැඩි වීමක් සිදු නොවන බවත් වත්මන් රජය මැතිවරණ සමයේ මේ විශ්‍රාමිකයන්ට ලබා දුන් පොරොනදු කඩ කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මේ අයගේ ගැටලු ඉදිරිපත් කරන්න පවා රජය කාලය ලබා දී නොමැති බවත් මේ ගැටලුව විසදන්නට වෙනමම අපක්ෂපාතී කමිටුවක් අවශ්‍ය බවත් මෙය විසදන තෙක් අගතියට පත් මේ අයට අන්තර්කාලීන දීමනාවක් ලබා දීම සුදුසු බවට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2025 වැටුප් වැඩි කිරිම අප්‍රේල් 1 වැනි දා සිට ක්‍රියාත්මක වුවත් මේ වැඩි කිරිම ජනවාරි සහ මාර්තු විශ්‍රාමිකයන්ට ගලපා ඇති නිසා සෙසු අයට ද මෙය ගලපා 2020 සහ 2024 අතර විශ්‍රාම ගිය අය අමතක කරන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් එවැනි දෙයක් නොකරන ලෙසත් මැතිවරණ දිනා බහුතරය දිනා මෙවැනි පොරොන්දු කඩ කිරීම් නොකරන ලෙසත් 2016 සහ 2020 අතර විශ්‍රාම ගිය 130000ක් සිටින නිසා මේ අයට ද ප්‍රධාන පත්‍රයේ ඇති විශ්‍රාම වැටුප ලබා දෙන ලෙසත් 2020 සහ 2025 ඇති හිග මුදල් ලබා දී විශ්‍රාම ගිය ප්‍රජාවට සහන සලසන ලෙසත් සානුකම්පිත වන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම වැඩිහිටි විශ්‍රාමික ප්‍රජාවට ලක්ෂ 15ක තැන්පතුවට සීමාවන ආකාරයේ 15% පොලිය ද ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments