දීගු කලෙක සිට යතුරු පැදියෙන් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයේ අයිස් සහ මත්කරල් ජාවාරමේ යෙදී සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය උතුරු පළාත් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ඒ.එස්.පී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් අරන්තලාව කදවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී.වී. චන්දන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) දෙහිඅත්තකන්ඩිය පොලිස් වසමේ සදුන්පුර, උත්තලපුර පන්සල අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 50 ක් සහ PREGAB මත්කරල් 330 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි උත්තලපුර, දමනේවෙල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 19 ක පුද්ගලයකු ජංගම දුරකථනයක් සහ සිම්පත් 04 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිඅත්තකන්ඩිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.