23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeව්‍යාපාරික පුවත්කොළඹ පොර් ට් සිටි හි ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීමට ජාත්‍යන්තර වාණිජ...

කොළඹ පොර් ට් සිටි හි ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීමට ජාත්‍යන්තර වාණිජ මණ්ඬලීය ශ්‍රී ලංකා ශාඛාව Port City Colombo සමඟ අවබෝධතා ගිවිසුමක.

දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයින් සඳහා ප්‍රධාන ආයෝජන ගමනාන්තයක් ලෙස කොළඹ වරාය (Port City) නගරය ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICC- Sri Lanka ) ශ්‍රී ලංකා ශාඛාව වරාය නගර ව්‍යාපෘතිය (Port City ) සමඟ අවබෝධතා ගිවිසුමක් (MOU) ඉකුත් (24) අත්සන් ක⁣ළ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය තුළින් දේශීය සහ ජාත්‍යන්තර ආයෝජකයින්
කොළඹ පෝර්ට් සිටි පරිවර්තනීය නාගරික සංවර්ධනයට යොමු කරමින් ඒ තුළින්, සමෘද්ධිමත් ව්‍යාපාරික පරිසරයක් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙම අවබෝධතා ගිවිසුම තුළින් මුලපිරීම සිදු කෙරේ.

මෙම අවබෝධතා ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින්, ICC ශ්‍රී ලංකා සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, “Port City Colombo හි ඇති විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම සඳහා Port City Colombo සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන සතුටට පත්වන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට හේතු වන විවිධ ආයෝජන ආකර්ෂණය කර ගැනීම තම ආයතනයේ ද අරමුණ බවයි.

කොළඹ නගරය නවීන අගනගරයක් බවට පරිවර්තනය කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් වන Port City Colombo, මූල්‍ය, තාක්‍ෂණය, සංචාරක සහ වෙළෙඳාම ඇතුළු ආයෝජන සඳහා විවිධ ආයෝජන සංවර්ධන අංශ ඉදිරිපත් කරයි. මෙම දැක්ම ජාත්‍යන්තරයට ගෙනයාමට පහසු කිරීම සඳහා ICC සිය පුළුල් ජාලය සහ විශේෂඥතාව උපයෝගී කර ගැනීමට අපේක්ෂා කරන බව ශනිල් ප්‍රනාන්දු මහතා එහි දී වැඩිදුරටත් පැවසීය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහාය දැක්වීමට කැපවීමක් පමණක් නොව, ආර්ථික වර්ධනයට සහ සමෘද්ධිය සඳහා නව මංපෙත් නිර්මාණය කිරීමට කොළඹ වරාය නගරයට ඇති හැකියාව පිළිබඳ සාක්ෂියක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

මෙම හවුල්කාරිත්වයේ කොටසක් ලෙස, ICC සාමාජිකයින්ට සහ නම් කරන ලද පාර්ශ්වයන්ට එහි අති නවීන පහසුකම් සහ උපාය මාර්ගික ස්ථානය උපයෝගී කර ගැනීමට හැකි වන පරිදි Port City Colombo තුළ ව්‍යාපාර පවත්වාගෙන යාමට වටිනා අවස්ථා ලැබෙනු ඇත. මෙම මුලපිරීම කලාපයේ වෙළෙඳ හා ආයෝජන සඳහා ප්‍රමුඛතම කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය නගරය ස්ථානගත කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි. මෙහි ආරම්භයක් ලෙස (ICC) ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය 2024 ඔක්තෝම්බර් මාසයේදී කොළඹ වරාය නගරයට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ (webinar) ජාත්‍යන්තර අන්තර්ජාල සමුළුවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

කොළඹ නගරය නවීන අගනගරයක් බවට පරිවර්තනය කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක් වන Port City Colombo, මූල්‍ය, තාක්‍ෂණය, සංචාරක සහ වෙළෙඳාම ඇතුළු ආයෝජන සඳහා විවිධ අංශ ඉදිරිපත් කරයි. මෙම දැක්ම පහසු කිරීම සඳහා ICC සිය පුළුල් ජාලය සහ විශේෂඥතාව උපයෝගී කර ගැනීමට අපේක්ෂා කරයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට
කොළඹ Port City කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා,ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකාවේ සභාපති නීතිඥ ශනිල් ප්‍රනාන්දු මහතා එහි උපසභාපති ඉන්දික රාජපක්ෂ මහතා ලේකම් හේමකුමාර ගුණසේකර මහතා ,නියෝජ්‍ය ලේකම් බුද්ධප්‍රිය රාමනායක මහතා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න
මහතා පෝර්ට් සිටි කොළඹ සාමාන්‍යාධිකාරී Tian Zheng මහතා පොර්ට් සිටි ආයෝජන ප්‍රවර්ධන සහ අලෙවි අධ්‍යක්ෂ රදිකා ඔබේසේකර මෙනවිය යන අය සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments