දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස හොර රහසේ අයිස්, කොකේන් හා මත්කරල් යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය මොරටුව කඳවුරේ බස්නාහිර පළාත E කලාපයේ ආරක්ෂක රාජකාරී නිරත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායමේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොළඹ කලාපය බාර පොලිස් අධිකාරී වයි.ජී.පී.කේ. විජේසුන්දර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පී.පී.කේ. කුලරත්න මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව කඳවුරේ පොලිස් සැරයන් 34421 රංජිත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට පළවන අදියර මල්ලිකා පාර අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පරික්ෂා කිරිමේදි මොවුන් සන්තකයේ අයිස් ග්‍රෑම් 17, මිලි ග්‍රෑම් 600 ක් කොකේන් ග්‍රෑම් 02, මිලි ග්‍රෑම් 05 ක් සහ L.S.D හෙවත් හදුනා නොගත් මත්පෙති ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 08 ක් තිබූ අතර මොවුන් දෙමටගොඩ හා මාලිගාවත්ත යන ප්‍රදේශ පදිංචි වයස අවුරුදු 15 හා 33 වයසේ පසුවන පුද්ගලයන් වන අතර අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය හා සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තුප්පහිආරච්චිලාගේ ප්‍රසාද් රුවන් රොෂාන් නොහොත් කුඩු රොෂාන් යන අයගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී තියුණු ආයුධයක් ද සමගින් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත බුද්ධි කොට්ඨාශයේ පොලිස් සැරයන් 71903 ප්‍රදීප් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල පොලිස් බල ප්‍රදේශයේ අංක 167/4, හේකිත්ත පාර, වත්තල ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 520 ක්, ජාවාරමින් උපයාගත් රුපියල් 55,000.00 ක්, විද්‍යුත් තරාදියක් හා තියුණු කඩුවක් සන්තකයේ තබාගෙන සිටි වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන්ගෙන් සිදු කරන ලද වැඩි දුර ප්‍රශ්න කිරිමේදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තුප්පහිආරච්චිලාගේ ප්‍රසාද් රුවන් රොෂාන් නොහොත් කුඩු රොෂාන් යන අයගේ ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තල පොලිස් ස්ථානය ට බාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගනේ මුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයකු වන විදේශයක සැඟව සිටිමින් මෙරටඅපරාධ රැල්ල මෙහෙයවන තොට ළඟ චානා විසින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා සඟවා තිබූ පිස්තෝලය සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී (බුද්ධි, සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය නාශක ) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් විසින් සංවිධානාත්මක අපරාධ 11 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සි.ආර් පාරමුල්ලගේ සහ උප පොලිස් පරීක්ෂක කාහිංගල ඇතුළු කණ්ඩායමක් විසින් මීගහවත්ත පොලිස් බල ප්‍රදේශයේ දී ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන දැනට විදේශගතව සිටින තොටලග චානා විසින් වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයක් කිරීමට සගවා තබාගෙන සිටි ගිනි අවියක් සමගින් හතලිස් හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදි.
එහිදී මිලි මීටර් 38 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි රිවෝලර් අවියක් සහ එම අවියට යොදන ජීව උණ්ඩ ද සමගින් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය ට බාර දෙන ලදි.
විදෙස් දුරකථන අංක භාවිතා කරමින් විදෙස් රටක සිටින බවට ඒත්තු ගැන්වු පොඩි ලැසී ගේ මාමා තවත් අපරාධයකට සැරසෙමින් සිටියදී මයික්‍රෝ වර්ගය පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී (බුද්ධි, සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය නාශක ) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් ඉකුත් (27) විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක BSH පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ජනිත් මදුසංක නොහොත් පොඩි ලැසි සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ මාමා වන හතලිස් හය හැවිරිදි ලද්දු මුදිත පරාක්‍රම ජයසිංහ යන අය වසර ගණනාවක් විදෙස් රටක සැඟව සිටින මුවාවෙන් විදෙස් රටවල දුරකථන අංක භාවිතා කරමින් මෙරට සැඟව සිටිමින් තවත් අපරාධ රැසකට සුදානමි ව සිටින බවට ලත් තොරතුරු මත නො, 53/2B “ජයබිම ඇටිකෙහෙල්ගල්ල, කිරිකිත්ත, වැලිවේරිය ලිපිනයේදී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 06 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිවේරිය පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදි.