පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය අනුර මනතුංග මහතා අද වැඩ භාරගන්නා ලදී.
එහි අවසන් අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන ආචාර්ය සෙනරත් දිසානායක මහතා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා බැවින්, පුරප්පාඩු වන තනතුර සඳහා මෙම පත්වීම සිදුකෙරෙණි.
එතුමන්ගේ වැඩ භාරගැනීම නිමිත්තෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ චාම් උත්සවයක් පැවති අතර එම අවස්ථාවට මහාචාර්ය පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හිටපු අධ්‍යක්ෂජනරාල් සෙනරත් දිසානායක මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.
මහාචාරය අනුර මනතුංග මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. විශ්වවිද්‍යාලයේ උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ද ඔහු වෙයි.