26.6 C
Sri Lanka
Wednesday, June 25, 2025
Homeදේශීය පුවත්EPF දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් මේ වසරේ...

EPF දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් මේ වසරේ දි නැහැ

සේවක අර්ථසාධක අරමුදල් පනත උල්ළංඝණය කරමින්,එම දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති හාම්පුතුන්ට කිසිදු සමාවක් මේ වසරේ දි නොදෙන බවත් දැනට එම අරමුදලේ පැහැර හැරිම් දළ වශයෙන් රුපියල් බිලියන දොළහක් ආසන්න බවද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. හාම්පුතුන් දිගින් දිගටම මෙම දායක මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබඳව මුල් නිවේදන ද රතු නිවේදනද යවා තිබියදිත් එම මුදල් නොගෙවීම බරපතල නීති උල්ලංඝණය කිරීමක් මෙන්ම,වැඩ කරන පංතියේ ජනතාවගේ මුදල් වංචා කිරීමක් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය.......සේවක අර්ථසාධක පනත උල්ළංඝණය කිරීම් පිළිබඳ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට එරෙහිව පසුගිය රජය සමයේ සිට 2020 ජනවාරි 01 දා වනතෙක් නඩු 11549 පවරා තිබූ බවත්, එසේම අක්‍රීය නඩු ද ඇතුලත්ව අර්ථසාධක දායක මුදල් ගෙවීම් පැහැර හැර ඇති නඩු 16,000 ක් මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙනවා. අර්ථසාධක අරමුදලේ දායක මුදල් ගෙවීම් පැහැර හැරීම් දළ වශයෙන් රුපියල් බිලියන 12 ට ආසන්න වෙනවා. මේ තුළින් සිය ශ්‍රමය රට වෙනුවෙන කැප කළ සේවක ප්‍රජාවට සාධාරණය ඉටු කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින දැඩි තදබදය ද සලකා බලා මෙම අර්ථසාධක පැහැර හැරීම් නඩු ඉදිරියේ දි කම්කරු විනිශ්චය සභා වෙත යොමු කොට ඉක්මනින් මුදල් අය කරවා ගැනීමට අදාලව 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගෙන තියෙනවා. එසේම සේවකයෙකු ආයතනයක සේවයට බැඳී නිශ්චිත කාලයක් තුළ අර්ථසාධක අරමුදලේ ලියාපදිංචිය අනිවාර්ය කිරීමට ද නීති ගෙන එන අතර මෙම කාලය මාස හයක් ලෙස යෝජනා කරනවා. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය නිසා ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණපෑමට සිදු වූ ආයතන ගණනාවක් සිය අර්ථසධක දායක මුදල් ගෙවීම් සඳහා සහන කාලයක් ඉල්ලා ඇති බවත් සඳහා ඔවුන් ඉදිරිපත් කරන කරුණු සහිත ඉල්ලීම් පිළිබදව සුපරික්ෂාකාරීව පරික්ෂා කර බලා,සත්‍ය වශයෙන්ම කොවිඩ් වසංගතයේ බලපෑමට ලක් වූ ආයතන කෙරෙහි සානුකම්පිතව සලකා බලා ඔවුන් සමඟ එම හාම්පුතුන් සමඟ සාකච්ඡා කර එම හිඟ දායක මුදල් ගෙවීම සඳහා යම් කාල පරාසයක් ලබාදීමට අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටස් සංශෝධනය කරන  විට රටේ වියතුන්ගේ,  දේශාපාලන පක්ෂවල, සිවිල් සංවිධානවල හා මහජනතාවගේ  තිබු  සංවාද ,උද්යෝගය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිමේදි නොමැතිවීම පුදුම සහගත තත්ත්වයක් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉකුත් (30) පැෆ්රල් සංවිධානයේ ප්‍රධාන කාර්යායේදී පැවැති මාධ්‍ය හමුකදීය. රජය විසින් පත් කර තිබෙන  නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහාවු කමිටුව වෙත  පැෆ්රල් සංවිධානය  සිය යෝජනාවලිය භාරදීමෙන් පසු මෙම මාධ්‍ය හමුව පැවැත්විය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විධායක අධ්‍යක්ෂවරයා මෙසේද කීය......... ව්‍යවස්ථාවේ කොටස් සංශෝධන කරන විට වියතුන් අදහස් ප්‍රකාශ කළා, ජනමාධ්‍ය තුලා විවිධ සංවාද පැවැත්වුණා, දේශාපලන පක්ෂ හා සිවිල් සංවිධාන, පුද්ගලයින් අධිකරණයට පවා  යනවා අපි දැක්කා නමුත් නව ව්‍යවස්ථාවක් සම්පූර්ණයෙන්ම සකස් වෙන මේ අවස්ථාවේ මෙවැනි නිහඬතායක් පැවැතීම කණගාටුයි. මේ ගැන සෑම පුරවැසියකුගේම අවධානයට ලක්විය යුතු කරුණක්.  රටේ මූලික නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වත්මන් ආණ්ඩුව කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුව මහජනතාවට අදහස් දැක්වීමට මාස දෙකකට මදක් වැඩි කාලයක් ලබාදී තිබුණා. ඒ දිනය ඉකුත්(31)න් අවසන් වුණා. පැෆ්රල් සංවිධානය මේ රටේ සිවිල් සංවිධානයක් ලෙස අපි අවධානයට ලක් කළා එහිදි මැතිවරණ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සංවිධානයක් ලෙසත් අපේ සංවිධානය සමග කටයුතු කරන තරුණ සංවිධාන,ආගමික කණ්ඩායම්, විද්වතුන් සියලු පාර්ශව සමග ඉතා කෙටි කාලයක් තුල සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් කැටි කරන්න අපිට හැකියාව ලැබුණා.  නමුත් සමස්ත ව්‍යවස්ථාව ගැනම සියලු කරුණු සම්බන්ධයෙන් අපි අදහස් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වුණේ නැහැ. අපේ විශේෂඥතාවය තිබෙන මැතිවරණ පිළිබඳ අත්දැකීම්,දැනුම උපයෝගි කරගෙන මැතිවරණ ක්‍රියාවලියට අදාලව ඊට ප්‍රමුඛතාවය ලබාදෙමින් අපේ යෝජනාවලිය අපි සකස් කරලා තියෙනවා. එම යෝජනාවලිය ආණ්ඩුව පත් කර තිබෙන කමිටුවට (30) නිල වශයෙන් ඊමේල් මගින් ලබාදෙන්න කටයුතු  කළා. 

අපි මෙහිදි ක්ෂේත්‍ර නවයක් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. ඉන් ප්‍රධානම වශයෙන් පැෆරල් සංවිධානයට අදාලවන කරුණු ලෙස කැපි පෙනෙන කරුණු ලෙස මේ රටේ නියෝජන ක්‍රමය කුමන ආකාරයේ එකක් විය යුතුද කියලා ඇතුළත් විය යුතුයි යන්න යෝජනා කරනවා. අපි යෝජනා කරන්නේ මෙම සරල බහුතර ක්‍රමය සහ සමානුපාතික නියෝජිත මිශ්‍ර මැතිවරණ ක්‍රමයක්. මෙහිදි යෝජනා කරනවා මේ රටේ බහුවිධ භාවය හා සියලු ජනකණ්ඩායම්වලට ප්‍රමාණවත් සහ සාධාරණ නියෝජනයක් මොකද අපේ රටේ බහුආගමික, බහුවාර්ගික විවිධ කණ්ඩයම් ජීවත්වන රටක්. ඒ තත්ත්වය සැළකිල්ලට අරගෙන. නමුත් අපි කිසිම වේලාවක ජාතිය,ආගම හෝ ප්‍රදේශ නියෝජනය කරමින් දේශපාලන පක්ෂ බිහිවීම හෝ නියෝජන ක්‍රමය ක්‍රියාත්මක වීම අගය හෝ අනුමත, ධෛර්යමත්  කරන්නේ නැහැ. අපි යෝජනා කරනවා මේ සෑම කණ්ඩයමකටම ජාතික දේශපාලනය තුල ලැබිය යුතු නියෝජන ක්‍රමයක් සකස්විය යුතුයි. ඒ එක්කම මැතිවරණවලදී බලය සිටින දේශපාලන පක්ෂයට අවශ්‍ය  ආකාරයට මැතිවරණ දින තීන්දු කිරීමේ ඉඩකඩ නොතිබිය යුතුයි. එහි බලය මැතිවරණ කොමිසමට තිබිය යුතුයි. හදිසියේ විශේෂ හේතුවකින් තොරව පළාත්පාලන, පළාත් සභා හෝ පාර්ලිමේන්තු විසුරුවා ඇරීමේ බලය ආණ්ඩුවට නොතිබිය යුතුයි කියන ස්ථාවරයත් අපේ යෝජනාවලියේ ඇතුළත් කරලා තියෙනවා. එහිදි අපි දැක්කා ඉකුත් සමයේ ජනතාවගේ මතය වෙනස් නොවුණු අවස්ථාවල පවා ඒ විසුරුවා ඇරීමට ක්‍රියාකරනවා. ඒ නිසා බලයේ සිටින පාලකයාට වාසි සහගත අවස්ථාවේදී ඔවුන්ට අභිමත ලෙස මේ විසුරුවා ඇරීමේ බලය නොතිබිය යුතුයි යන ස්ථාවරයේ අපි සිටිනවා. ඒ වගේම මේවයේ කාලය දීර්ඝ කිරීමේ බලය විෂයභාර ඇමැතිට හෝ බලයේ සිටින පාලකයින්ට නොතිබිය යුතුයි කියන ස්ථාවරයේද සිටිනවා. ඡන්ද බලය සිදුවිය යුත්තේ වයස අවුරුදු දාඅට සම්පූර්ණවන සෑම ශ්‍රීලාංකික පුරවැසියකුටම එම අයිතිය ලැබිය යුතුවේ. තිබෙන ප්‍රායෝගික කරුණු අනුව ඒ අයට ඡන්දය දැමීමේ අයිතිය ලැබෙන්නේ මාස ගණනාවකට පසුවයි. එයටත් විසඳුමක් ප්‍රායෝගික වශයෙන් අවශ්‍ය වෙනවා. මීට අදාල කරුණු මැතිවරණ පනත්වල තිබිය යුතු අතර එහි මූලික අයිතීන් ගැන ව්‍යවස්ථාවේ සඳහන් විය යුතුයි. 

ඒ වගේම රටට ගැලපෙන ආණ්ඩුක්‍රමය හැටියට අපි යෝජනා කරන්නේ විධායක අගමැතිවරයා ප්‍රමුඛ ක්‍රමයක් රාජ්‍ය නායකයා පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත්ත රාජ්‍ය නායකයා බවට පත්විය යුතුයි. කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ ආණ්ඩුවක් ලංකාවට උචිතයි කියලා මහජනයා අපිට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව විධායකයේ ප්‍රධානියා හැටියට අග්‍රාමාත්‍යවරයා පත්වීය යුතු බවට අපි යෝජනා කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය නායකයා සෘජු මහජන ඡන්දයෙන් පත්නොවන කෙනකු විය යුතු බවට අපේ යෝජනා අතර තිබෙනවා. එහිදි  කැබිනට් ඇමැතිවරු විසිපහක්  හා රාජ්‍ය ඇමැතිවරු විසිපහක් ලෙස  සමස්ත ඇමැති මණ්ඬලය පනහකට සීමාවෙනවා. පාර්ලිමේන්තු ධූර කාලය දැනට තිබෙන වසර පහ යෝජනා කරනවා. මැතිවරණ ක්‍රමයේදී සමානුපාතික හා කොට්ටාස ක්‍රමය මත පදනම්වු එමෙන්ම සමානුපාතික ක්‍රමයේ මූලික හරය ආරක්ෂාවන ඒ ඒ දේශපාලන පක්ෂවලට ලැබෙන ඡන්ද අනුව  නියෝජනයක් ලැබෙන ක්‍රමවේදයක් විය යුතුයි. මෙහිදි 60%ක් කොට්ටාස ක්‍රමයටත්, 40%ක් සමානුපාතික ලෙස නියෝජනය සිදුවිය යුතුයි. පළාත් පාලනයේදී පක්ෂයේ නාමිකව නොවේ මහජන ඡන්දය අවශ්‍ය වෙනවා. මෙය වෙනත් රටවලත් සිදුවන ක්‍රමයක්. එය ක්‍රියාත්මක කළ හැකි ක්‍රමවේදයක්. බහුවිධ භාවය සැළකිල්ලට අරගෙන සීමානිර්ණය සමහර කොට්ටාසවලට බහුමන්ත්‍රි කොට්ටාස අවශ්‍ය නම් එය සකස් කර ගත යුතුයි. එමෙන්ම වත්මකම් බැරකම් ප්‍රකාශ ලබාදීම එම නීතියේ ඒ ගැන සඳහන්වුණත් ව්‍යවස්ථාවේත් මේවා පිළිබඳ සඳහන් වෙනවා නම් කැමැති බව අපි සඳහන් කර තිබෙනවා. අපේක්ෂකයින් නාමයෝජනා ලබාදීමේදීම වත්කම් බැරකම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස්විය යුතුයි. දැනට මාසතුනක් ඇතුළත තමයි එය ලබාදෙන්න තියෙන්නේ. ජාතික ලැයිස්තුව සම්බන්ධයෙනුත් අපේ අදහස් ගණනාවක් කැටි කොට  තිබෙනවා පරාජිත අපේක්ෂකයින්ට කිසිසේත්ම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර කිසිසේත්ම ලබා නොදිය යුතුයි කියලා. යම් හෙයකින් ලබාදීය යුතු නම් එක් දේශපාලන පක්ෂයකින් එය එක් අයකුට සීමාවිය යුතුයි. විශේෂඥ දැනුම ඇති බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා ජාතික ලැයිස්තු භාවිතා කළ යුතුවෙනවා. එම නාම ලේඛන ජනතාවට කලින් දැනුම් දිය යුතු ක්‍රමවේදයක් අවශ්‍යයි. 

මේවනවිට පළාත් සභා මැතිවරණය පිළිබඳ සංවාදයක් තිබෙනවා. මෙහිදි අපි යෝජනා කරන්නේ පළාත් සභා ක්‍රමවේදය රටට නොගැලපෙනවානම් ඒ පිළිබඳ විධිමත් සංවාදයක් රටේ ඇති කරගත යුතුයි. එහිදි පළාත් සභා ක්‍රමය හඳුන්වාදීමේදි මූලිකවු සාධාරණ කරුණුවලට විකල්ප විසඳුම් ලබාදෙමින් තමයි එය අහෝසි කළ යුතු වන්නේ. එතෙත් පළාත් සභා පවත්වා මහජන නියෝජතයින් පත් කළ යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. දැනටමත් වසර තුනක් පමණ තනි පුද්ගලයින්ගේ පාලනයේ තමයි මේ පළාත් සභා තියෙන්නේ. මේවා ආණ්ඩුකාරයින්ගේ හා නිලධාරින්ගේ පාලනය යටතේ තමයි තිබෙන්නේ එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම පළාත් පාලන මැතිවරණ ක්‍රමය ගැනත් අපි යෝජනා ඉදිරිපත් කරනවා නැවැත එහි තිබෙන අඩුපාඩා සළකා බැලිය යුතුයි. අටදාහසකට වැඩි පිරිසක් මෙහි සිටිනවා. එය ඉකුත් සමයේ දෙගුණයකින් වැඩිවුණා. රටේ ජනගහනයෙන් දෙදහස් දෙසියවිසිපහකට එක් මහජන නියෝජිතයෙක් සිටිනවා. එය රටට ඔරොත්තු නොදෙන ප්‍රමාණයක්. මේ පළාත් පලන සභික ප්‍රමාණය නැවැත සළකා බලන්න අවශ්‍යයි. ඒ නිසා නැවැත සීමා නිර්ණය සකස් කළ යුතු වෙනවා. ඒ නිසා ව්‍යවස්ථාව තුලින්ම මැතිවරණ ප්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා යම් කිසි මූලික නීතියක් ඊට අවශ්‍ය විය යුතුවේ. මේ ගැන පැෆ්රල් සංවිධානයත්, මැතිවරණ කොමිසමත් වෙනම කෙටුම්පත් සකස් කර තිබෙනවා. මෙහිදි මැතිවරණය අවසානයේදී විගණනය කළ ආදයම් වියදම් වාර්තාවක් මන්ත්‍රිවරු ලබාදීය යුතුයි වෙනවා. එහිදි අසත්‍ය වාර්තාවක් ලබාදුන්නොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රීධූරය අහෝසි කළ යුතුයි. 

වසර දෙකකින් මන්ත්‍රීවරු නැවැත කැඳවීමේ ක්‍රමයක් සකස් විය යුතු අතර මෙය හුදෙක්ම දේශපාලනය මත සිදුනොවිය යුතුයි.  අපේ රටේ දේශපාලනය ක්‍රියාත්මක වන ආකාරය අනුව කිව යුතුයි. ඒවගේම කාන්තා නියෝජනය ප්‍රමාණවත් අයුරින් ඇතුළත්විය යුතුයි. එය පක්ෂ ලියාපදිංචියේ සිටම සිදුවිය යුතුයි. ප්‍රතිපත්ති ප්‍රකාශනත් නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ යුතුයි. එම අයිතිය ජනතාවට තිබිය යුතු වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය, මැතිවරණ කොමිසම් සභාවේ ස්වාධීනත්වය, භාෂා ප්‍රතිපත්තිය ගැනත් යෝජනා ඉදිරිපත් කර තියෙනවා. අපි සිතනවා කෙටුම්පත් මණ්ඬලය මේවා ගැන අවධානයට ලක්කළ යුතුයි කියලා. නමුත් මෙහිදි ප්‍රබල සංවාදයක් නැතිවීම කණගාටුයි. ඒ පුදුම සහගත තත්ත්වයක්. රටේ පැවැත්මට මහජනයාගේ අභිප්‍රායන්ට අනුගතවන ආකාරයට තව වසර පනහක්වත් වරින් වර සංශෝධනය නොවන ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට මේ කණ්ඩායම සමත් වෙයි කියා සිතනවා. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments