29.2 C
Sri Lanka
Friday, June 27, 2025
Homeදේශීය පුවත්සිව්වන යුක්‍රේන සංචාරක කණ්ඩායම අද දිවයිනට

සිව්වන යුක්‍රේන සංචාරක කණ්ඩායම අද දිවයිනට

ජෛව ආරක්ෂිත බුබුල (Bio bubble) ක්‍රමවේදය යටතේ  සිව්වන යුක්‍රේන සංචාරක කණ්ඩායම අද (04) දිවයිනට පැමිණ තිබේ.

යුක්‍රේනයේ ‘කිව්’ අගනුවර සිට මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි එම කණ්ඩායමට සංචාරකයින් 97 දෙනකු ඇතුළත් ය.

ඒ අනුව මේ දක්වා පැමිණි යුක්රේන සංචාරකයින් පිරිස 656කි.

කෙසේවෙතත් එලෙස පැමිණෙන යුක්‍රේන සංචාරකයින් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින බවට විවිධ ස්ථානවලින් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, “සංචාරකයින් හා ගැටෙන පුද්ගලයින් ජෛව ආරක්ෂිත බුබුල තුළ සිටිය යුතුයි. නිවෙස් බලා යෑම සිදුනොකළ යුතුයි. සංචාරකයින් රටින් පිටත්ව ගිය පසු ශ්‍රී ලාංකිකයින් සති 2 ක් නිරෝධායනය විය යුතුයි. මාර්ගෝපදේශන උල්ලංඝනය වුවහොත් විශාල ඛේදවාචකයක්.” යනුවෙනි.  

දිවයිනට පැමිණි සංචාරකයින් නිරෝධායනය කිරිමේ ක්‍රමවේදය සහ ඔවුන් හා එක්ව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද අදහස් පළ කළේය.

“ක්‍රමවේදයෙන් පරිබාහිරව කටයුතු කළොත් අනිවාර්යෙන්ම නිරෝධායනය කරනවා. යාල දී ඇතිවුණේ එවැනි තත්ත්වයක්. විදේශිකයන්ගේ මුඛ ආවරණ නැහැ. රියදුරන්ගේ මුඛ ආවරණ නැහැ. ඔවුන් නිවෙස් වෙත යැවීම කළොත් කොවිඩ් ආසාදනය වීමක් සිදුවුවහොත් ප්‍රදේශයටම තර්ජනයක්. “

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරන්නේ යුක්‍රේන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට යාම හේතුවෙන් මතුවු තත්ත්වය යළි ඇති නොවීමට පියවර ගන්නා ලෙසට බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවය.

එමෙන්ම සංචාරකයින්ට නැවත රට විවෘත කිරීමේදී නියාමන ව්‍යාපෘතියේදී හඳුන්වාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක වියයුතු බවත් සංචාරක අධිකාරිය ඇතුළු ඊට අදාළ ආයතන සිය දැඩි අවධානය යොමු කළයුතු බවත් අදාළ නිවේදනයේ සඳහන් ය. 

එලෙස සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවී යාල වනෝද්‍යානයේ සංචාරයේ නිරත වූ යුක්‍රේන ජාතිකයින් සමග ගිය සෆාරි ජිප් රථ රියදුරන් 28 දෙනෙකු පසුගිය සෙනසුරාදා දින 14ක නිරෝධායනයට යොමුකළේ දැඩි විරෝධය මධ්‍යයේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments