බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඩීසල් මුදලට විකිණීම හා අනාරක්ෂිතව ගබඩා කර තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට
ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත් අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට අනුරාධපුර ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලද තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එම්.එම්.කේ. පීරිස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොරගොඩ පොලිස් වසමේ මා මීගස්වැව, නාමල්පුර, ගලෙන්බිදුනුවැව ලිපිනයේ දී වැටලීමි සිදුකර ඇත.
එහි දී බලපත්‍ර නොමැතිව නීති විරෝධීව ඩීසල් මුදලට විකිනීම හා අනාරක්ෂිතව ගබඩා කර තබාගෙන සිටි ගලෙන්බිඳුනවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක පුද්ගලයකු ඩීසල් ලීටර් 1,225 ක් හා එම උපකරණ සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු කඩුවෙල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි ස්‍ථානාධිපති පොලිස් පරීක්ෂක පි.කේ.ඩි.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17 ) කඩුවෙල පොලිස් වසමේ කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ කඩුවෙල මහජන පොළ අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 80 ක් සන්තකයේ තබාගෙන සිටි කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩුවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කහවත්ත කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, කහවත්ත කඳවුරේ දෙවන අණදෙන නිලධාරී උප පොලිස් පරීක්ෂක කේ.ඩි.එච්.කේ. ගයාන්ග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (1රත්නපුර පොලිස් වසමේ දෙනියවත්ත හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12, මිලි ග්‍රෑම් 120 ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලදැයි සැකකරන මුදල් රුපියල් 93,000.00 ක්, මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා භාවිතා කල බවට සැකකරන ඩෙබිට් කාඩ් පතක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කේරළ ගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු තලෛමන්නාරම ප්‍රදේශයේ දි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම කඳවුරේ ස්ථාපිත උතුරු පළාත් ව්ශේෂ වැටලිම් ඒකකයේ පොලිස් පරීක්ෂක ජේ.ඒ.ජී.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (17) තලෛමන්නාරම පොලිස් වසමේ පඩප්පඩී ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සදහා මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 08, ග්‍රෑම් 88 ක් සන්තකයේ තබාගෙන සිටි උතුරු තලෛමන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තලෛමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


