දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට පැනවූ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් දසදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බවයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පොලිස්බල ප්‍රදේශ හරහා වාහනවලින් ගමන් කළ හැකි වුවත් එම ප්‍රදේශවලදී වාහන නතර කිරීම් කළ නොහැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එවැනි වාහනවලට පොලිස් වසම් හරහා ගමන් කළ හැකි වන අතර, මගීන් බැස්සවීම හා නග්ගා ගැනීම කිසිදු අවස්ථාවක සිදුකළ නොහැකිය.
එමෙන්ම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති පොලිස්බල ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු කඩ සාප්පු වසා තැබිය යුතු බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම් දෙයි.