29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග තීරණය අද

උ.පෙළ – ශිෂ්‍යත්ව විභාග තීරණය අද

පවතින තත්ත්වය මත උසස් පෙළ සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අද (05 වැනිදා) සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය. දිවුලපිටිය කාන්තාවකට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග උද්ගතව පවතින තත්ත්වය පිළිබඳ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘අරුණ’ට ඊයේ (05 වැනිදා) පැවැසීය. හදිසියේ උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැතිවරයා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අතර ඊයේ (04 වැනිදා) පෙරවරුවේ සාකච්ඡාවක් ද පැවැති අතර සියලු පාසල්වල දෙවැනි වාරයේ නිවාඩුව අද සිට ආරම්භ කිරීමට එහි දී තීරණය කෙරිණි. දෙවැනි වාරයේ නිවාඩුව ආරම්භ කිරීමට නියමිත වූයේ ලබන 09 වැනිදා සිටය.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික උපකාරක පන්ති ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ. උසස් පෙළ විභාගය ලබන සඳුදා (12 වැනිදා) ආරම්භ කිරීමට නියමිතය. ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන ඉරිදා (11 වැනිදා)ය.

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ වැනි සියලුම උපකාරක කටයුතු අනිද්දා (07 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරෙන අතර ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක කටයුතු 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරේ. එම නියමයන් උල්ලංඝනය කරන්නන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. තෙවැනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 09 වැනිදාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments