21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ටාසන් චරිතයට පණපෙවු රොන් එලී දිවියෙන් සමුගනී.

ටාසන් චරිතයට පණපෙවු රොන් එලී දිවියෙන් සමුගනී.

ලෝක ප්‍රසිද්ධ ටාසන් චරිතයට පණදුන් අමෙරිකානු ප්‍රවීන රංගන ශිල්පී රොන් එලී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට රොන් එලී 86 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ටාසන් කතාංගය ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ 1966 වසරේ සිට විකාශය වූ අතර එහි ටාසන්ගේ චරිතය වෙනුවෙන් රොන් එලී රංගනයෙන් දායක වුණි.එම රූගත කිරීම් අතරතුර ඔහු සතුන්ගේ ප්‍රහාරවලට මෙන්ම විවිධ අනතුරුවලට ද ලක්වු බව වාර්තා වේ.ටාසන් කතාංගය ඇතුළු චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වූ රොන් එලී 2001 වසරේ දී සිය රංගන දිවියෙන් විශ්‍රාම ගත් අතර පසුව ඔහු කතුවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

රොන් එලී සිය ජීවිත කාලය පුරා නළුවෙක්, ලේඛකයෙක්, පුහුණුකරුවෙක්, උපදේශකයෙක් ලෙස කටයුතු කර දැවැන්ත චරිතයක් හිමි අයෙකි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments