21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීති විරෝධිව මෙරටට ගෙනා සිගරැට් තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

නීති විරෝධිව මෙරටට ගෙනා සිගරැට් තොගයක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රජයට තීරු බුදු අහිමි කරමින් නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද ලක්ෂ පහක් පමණ වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර තිබේ.
සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 1 හි උප පොලිස් පරීක්ෂක ඩී.ඩී.ඒ. ජයසාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) මීගමුව පොලිස් වසමේ මීගමුව නගරය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී, තීරුබදු රහිතව, රැපමය අවවාද නොමැති මෙන්චෙස්ටර් දුම්වැටි 6,000 ක් සන්තකයේ තබාගෙන සිටි ඉදිමංකඩ, පුත්තලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බූස්ස බන්ධනාගාර තුල සෝදිසි කිරීමකදී ජංගම දුරකථනයක් සහ දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බුස්ස බන්ධනාගාර කඳවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.ජි.සී.කේ. රාජපක්ෂ සහ තිලකරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයේ A වාට්ටුව තුල සහ විශේෂ අංශයේ පිහිටා ඇති බන්ධනාගාර රෝහල, බන්ධනාගාර නියාමක විවේකගාරය, බන්ධනාගාර ජේලර් විවේකාගාරය, පාටි රැදවියන් රඳවා සිටින ස්ථාන හදිසි සෝදීසි කිරීමක් කර අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

එහි දී බන්ධනගාරයේ පැරණි අංශයේ A වාට්ටුව තුල ජංගම දුරකථනක් සහ සිම්පතක්ද බන්ධනාගාර නියාමක විවේකගාරයේ ජනේලයක් මත තිබී ජංගම දුරකථන බැටරියක් හා බන්ධනාගාර ජේලර් විවේකාගාරය සිවිලිම උඩ තිබී පිටත ආවරණය ඉවත් කරන ලද චාජර් කොටසක් අත්අඩංගුවට ගනෙ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments