ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනකු අත්අඩංගුවට ගත් බවත්, එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවත්, විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය ගතයුතු ක්‍රියාමාර්ග ඉතාම ශක්තිමත්ව ගෙන ඇති බවත් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේය.