21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅයිස් හා නීති විරෝධිව ගෙනා සිගරැට් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

අයිස් හා නීති විරෝධිව ගෙනා සිගරැට් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වමට්ටක්කුලිය පොලිස් වසමේ 44/01, ජුබිලි මාවත, මට්ටක්කුලිය, කොළඹ 15 ලිපිනයට අදාල නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 සන්තකයේ තබාගෙන ජාවාරම් කරමින් සිටි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙරටට ලැබිය යුතු තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද Manchester වර්ගයේ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන ජවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් කුරුණෑගල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඊ.පී.ඩී.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) කුරුණෑගල පොලිස් වසමේ කුරුණෑගල, දඹුල්ල පාර, මුත්තෙට්ටුගල හංදියේ දී වැටලීමක් සිදුකර ඇත.එහි දී තීරු බදු නොගෙවා මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 4040 ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුරුණෑගල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments