22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්" 2028 කාල බෝමිබය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇත්ත" කුමක්ද? - දුමින්ද නාගමුව

” 2028 කාල බෝමිබය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ඇත්ත” කුමක්ද? – දුමින්ද නාගමුව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ සම්මන්ත්‍රණයක් ( 28 ) දින කොළඹ CSR ශාලාවේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා මෙසේද කීය…. මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන මොහොත කියන්නෙ ලංකාවේ දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේත් තීරණාත්මක මොහොතක්. ධනපති පන්තියේ ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් මහපොළව, පරිසරය, සාගරය සහ මනුෂ්‍ය ජීවත විනාශ කරමින් යන මොහොතක අපි මේ ඉන්නේ. අධිරාජ්‍යවාදී බලපොරය මැද්දේ ඇවිලෙන ගාසා තීරයේ අද වෙද්දිත් 16,156ක් දරුවන් ඝාතනය කරල ඉවරයි. ඒ අතරින් 3100ක් අවුරුදු 5ට අඩු ළමයි. ලෝක දේශපාලනය එහෙම අධිරාජ්‍යවාදී බලපොරයකට නතු වෙන මොහොතක ඒ අධිරාජ්‍යවාදී ප්‍රාග්ධන මැදිහත් වීම ලංකාව ඇතුලෙත් දකින්න පුලුවන්. රට වර්තමානය වෙද්දි මුහුණ දීලා ඉන්න අර්බුදය සහ අනාගතයේදී ඇති වෙන්න නියමිත අර්බුදයට හේතුව නිවැරදිව කියවගන්න බැරි වුනොත් රටක් විදිහට ජනතාවක් විදිහට අපි පරාද වෙනවා.

අපි දන්නවා පසුගිය කාලේ ඇතිවුණ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මත ඇති කළ පීඩනය තමයි දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වුනේ. ඒ වෙලාවෙ මිනිස්සු තීරණය කළා ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරි පාලකයෝ ගෙදර යන්න ඕන කියලා. “225 ම එපා ! ” කියලා තමයි ජනතාව කිව්වේ. 2022න් පස්සෙ ලංකාවේ ආර්ථික දේශපාලනයේ තීරණාත්මක විශේෂත්වයන් කිහිපයක් අපිට හඳුනගන්න පුලුවන්. එකක් තමයි අර්ථික අර්බුදය. දෙවෙනි කාරණය තමයි ඒ අර්බුදයට විසඳුම් දෙන්න කියලා ආව IMF මැදිහත් වීම. අනිත් එක ඉන්දියානු බලහත් කාරය. මෙන්න මේ මූලික සන්දර්භයන් එක්ක තමයි අපිට ඉදිරි ආර්ථික දේශපාලන අර්බුදය කියවගන්න වෙන්නෙ.

අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට පසුගිය කාලෙම අනතුරු හැගෙව්වා මේ ආර්ථික අර්බුදය ගැන. පහුගිය කාලේ ලංකාවේ දේශපාලනයට සම්බන්ධ පවුල් කිහිපයක් සහ ගජමිතුරු ව්‍යාපාරික පැලැන්තිය ජනතාවගේ ධනය සාවද්‍ය ඉන්වොයිසකරණය හරහා පිටරවලට ඇදල තියෙන්නෙ.
ධනපති ව්‍යාපාරිකයෝ බිලියන ගණං බදු මුදල් නොගෙවා වංචා කරල තියෙන්නෙ. ඒ සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩු අසමත් වෙලා තියනවා.

දැන් ආර්ථික අර්බුදයට මම විසඳුම් දුන්නා මම පෝළිම් නැතිකරා කියන රනිල් වික්‍රමසිංහ මොනවද කරල ගියේ ? රනිල් වික්‍රමසිංහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා කියලා 2028 පුපුරන්න නියමිත කාල බෝම්බයක් තමයි අටවල ගිහිල්ලා තියෙන්නෙ. පහුගිය දවස්වල මහබැංකු අධිපති කිව්වේ 30%ක විදේශීය ණය කප්පාදුවකට යන්න නම් 30%ක් දක්වා වන දේශීය ණය කප්පාදුවකට යන්න වෙනවා කියලා. මෙතනදි කලෙත් අර්බුදයේ බර ජනතාවගේ කරමතින් යැවීම සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බැදුම්කර හරහා රජයට ලබා දුන් රුපියල් බිලියන 3500කට ආසන්න ණය සඳහා 2025 දක්වා 12%ක පොළියකුත් එතනින් පස්සෙ 9%ක පොළියකුත් ගෙවන්න තමයි යෝජනා වෙලා තියෙන්නෙ. මේක නිසා 2037 වෙද්දි සේවක අර්ථ සාධක අරමුදලට 48%ක පාඩුවක් අත්වෙන්න නියමිතයි. එහෙම තියෙද්දි දේශීය ව්‍යාපාරිකයන්ට විශාල පොළියක් ගෙවන්න පොරොන්දු වෙලා ඉන්නෙ. එතකොට පැහැදිලි ගජමිතුරු ව්‍යාපාරිකයන් සනසවන කුමන්ත්‍රණයක් තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නෙ.

දැන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අවසන් එකඟතාවකට ආවා කියලා රනිල් වික්‍රමසිංහ පම්පෝරි ගැහුවා.
ආණ්ඩුව මේ එකඟ වෙලා තියෙන්නෙ 2033 – 38 කාලයේදී කල් පිරෙන බැඳුම්කර සඳහා 8.75% ඉදන් 9.75 % දක්වා පොළියක් ගෙවන්න එකඟ වෙලා තියනවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවේ ආර්ථිකය නිසි ආකරව වර්ධනය නොවුණ තත්වයක් ඇතුලෙත් අපිට 2028න් පස්සෙ ගිණි පොලියක් ණය හිමියන්ට ගෙවන්න වෙනවා. දැනට ගණං බලල තියන විදිහට 2028 ඉදල අපිට ගෙවන්න වෙන ණය වාරිකය බිලියන 4ක් පමණ වෙන්න නියමිතයි. අපි දන්නවා 2022 රටේ ආර්ථිකය බංකොලොත් වුනේ බිලියන 2ක ණය වාරිකයක් ගෙවාගන්න බැරුව.

දැන් අලුත් ආණ්ඩුව ජනතාව පත් කරගත්තෙ රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි. ජනතාව බලාපොරොත්තු වුනේ ආර්ථික දේශපාලන ක්‍රමයේ වෙනසක්. තියෙන එකම ඉස්සරහට ගෙනියන්න නම් අලුත් ආණ්ඩුවක් ඕන වෙන්නෙ නෑ. ඒ නිසා අනුර දිසානායක ජනාධිපති වරයාට වගකීමක් තියනවා වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න. රනිල් අටවල ගිය කාල බෝම්බය 2028දි පුපුරන්න නියමිතයි. ඒ බෝම්බය පුපුරන්න කලින් නිශ්ක්‍රිය නොකලොත් අපි රටක් විදිහට විශාල අර්බුදයකට යනවා. රනිල්ගේ ආණ්ඩුව එකඟවුන ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් වහාම වෙනස් කරන්න කියලා අපි ආණ්ඩුවට අනතුරු හඟවනවා. කොහොමත් මේ ආණ්ඩුව බලයට එන්න කලින්ම කිව්වා ” විකල්ප ණය තිරසරකරණ ” වැඩපිළිවෙළකට අත තියනවා කියලා. එහෙනම් දැන් තියෙන්නෙ ඒකට අවස්තාව. ඒ නිසා ණය හිමියන් සමග සාකච්ඡා කරලා ජනතාවට සහනදායී වෙනසකට යන්න කියන යෝජනාව අපි ආණ්ඩුවට කරනවා. “

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments