21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණයේ කැලෑ පාළුවන් එස්.ටි.එෆ්.අත්අත්අඩංගුවට.

මහා පරිමාණයේ කැලෑ පාළුවන් එස්.ටි.එෆ්.අත්අත්අඩංගුවට.

ශ්‍රී ලංකාවේ අධි ආරක්ෂිත කලාපයක් වන යාල රක්ෂිතය වනසමින් මහාපරිමාන ගංජා වගාවන් සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය බාර පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධීක්ෂණයෙන් බුත්තල කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටි.එමි.සි. ජනිත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (02) කතරගම පොලිස් වසමේ යාල රක්ෂිතයේ වෙහෙරගල ප්‍රදේශයේ දී වැටලීම් 03 ක් සිදුකර ඇත.

එහි දී අධි ආරක්ෂිත කලාපයක් වන යාල රක්ෂිතයට අනවසරයෙන් ඇතුලුවී එහි සෝබා සෞන්දර්යට හා ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් ඉතා සුක්ෂමව අක්කර 03 ක පමණ රක්ෂිතය එලි පෙහෙලි කර එහි වගාකර තිබු ගංජා පැල 78,000 ක් සමග තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 පුද්ගලයකු ද, තවත් අක්කර 03 ක පමණ රක්ෂිතය එලි පෙහෙලි කර වගාකර තිබු ගංජා පැල 82,000 ක් සමග වයස අවුරුදු 44 ක තණමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු හා සැකකරුවෙකු නොමැතිව වගා කර තිබූ ගංජා පැල 160,000 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා පැල 140 ක් සමග සැකකරුවන් කතරගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා පැල එම ස්ථානයේදීම ගිණි තබා විනාශ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments