පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට විදේශයක සැගව සිටින උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී සමග සමිබන්ධතා පවත්වමින් ඔවුන්ගෙ නීති විරෝධි ගිනි අවි ලග තබා ගත් යුධ හමුදා හිටපු සෙබලෙකු Ak 47වර්ගයේ ගිනි අවියක් ,එම මැගසින් එකක් ,එම උණ්ඩ සහ චීනයේ නිෂ්පාදිත 9MM වර්ගයේ පිස්තෝලයක් 🔫 එම මැගසින් එකක් ජීව උණ්ඩ ,සහ තියුණු ආයුධ කඩු දෙකක් සහ කිණිස්සක්ද සමගි ඇඹිලිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගනී.
සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/ සංවිධානාත්මක අපරාධ/ මත්ද්‍රව්‍යනාශක ) සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් (04) විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. BSH පීරිස් වන ඇතුළු නිලධාරීන් කණ්‌ඩායම විසින් උ.පො.ප RPDCR රාජපක්ෂ නිලධාරියාට පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලැබුණු තොරතුරක් මත සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශගතව සිටින උනාකෝරුවේ ජපන් ශාන්ත යන අය සහ දැනට බන්ධනාගාර ගතව සිටින ජනිත් මධුසංඛ නොහොත් පොඩිලැසී යන අය සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගත් දැනට යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටින නො. 314/47 , කොතලාවල, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි සන්දරාදුර රවීන්ද්‍ර සිසිල් කුමාර සිල්වා යන අය AK47 ගිනි අවි 01 යි (ඒ සදහා භාවිතා කරන ජීව උණ්ඩ 25 යි, එම මැගසින් 01 යි, විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවි 01 යි , 9mm ජීව උණ්ඩ 07 යි , එම මැගසින් 01 යි , කඩු 02 යි , රම්බො පිහි 01 ක් සමග අත්අඩංගුවට ගන්නා ලදි. සන්දරාදුර රවින්ද්‍ර සිසිල් කුමාර සිල්වා,වයස අවුරුදු – 59,සැකකරුගෙ ලිපිනය – නො, 314/47 , කොතලාවල හංදිය , ඇඹිලිපිටිය,අත්අඩංගුවට ගත් ස්ථානයේ ලිපිනය –
2/A , බැද්දෙ වැව පාර , කොතලාවල හන්දිය , ඇඹිලිපිටිය,
කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් මෙලෙස මෙම ගිණි අවි කඩු සහ කිණිස්සක්ද සමගින් සැරසෙමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගිණි අවි ඇතුළු අත්අඩංගුවට ගත් භාණ්ඩ ඇඹිලිපිටිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකය වෙත බාර දී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
කොටි එකහමාරක් පමණ වටිනාකමක් ඇති මුහුදු මාර්ගයෙන් මෙරටට නීති විරෝධීව ගෙන්වන ලැබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික ප්‍රමාණයක් පුනරීන් හිදි පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය කිලිනොචිච්ය කඳවුරේ නිලධාරීන්ට යුද හමුදා බුද්ධා අංශ නිළධාරින්ගෙන් ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අයි.එස්.ටි. පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් කිලිනොචිච්ය කඳවුරේ පොලිස් පරීක්ෂක ඩබ්.එම්.ඩි. සදරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (04) පුනරීන් පොලිස් වසමේ පරමන්කිරායි ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද සකකරු අතහැර දමා පලාගොස් තිබු කොට් 1.5 පමණ වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 75, ග්‍රෑම් 345 ක් සහ ප්‍රවාහනය සඳහා යොදාගන්නා ලද යතුරු පැදිය සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුනරීන් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරුබදු රහිතව නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද තවත් දුම්වැටි තොගයක් විකිණීම සදහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හිඟුරක්ගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අම්පාර කලාපය බාර පොලිස් අධිකාරී ඒ.එස්.පී. ගුණසිරි මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ අධීක්ෂණයෙන් අරලගංවිල කදවුරේ උප පොලිස් පරීක්ෂක ආර්.එන්. ප්‍රේමකුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) හිගුරක්ගොඩ පොලිස් වසමේ සන්රයිස් ගාඩින් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද New Castle වර්ගයේ දුම්වැටි 1,000 ක් හා Manchester වර්ගයේ දුම්වැටි 1,018 ක් සන්තකයේ තබාගෙන සිටි හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 53 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හිගුරක්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) ජාඇල පොලිස් වසමේ නගරසභා ක්‍රිඩාංගණය අසල දී වැටලීමි සිදුකර ඇත.
එහි දී තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද PLATINUM වර්ගයේ දුම්වැටි 1,000 ක් සන්තකයේ තබාගෙන සිටි මඩොල්සිම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තීරු බදු රහිතව මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද බීඩී කොළ කිලෝ 34කට ආසන්න තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
යාපනය කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී බන්දුසිරි මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම කඳවුරේ ස්ථාපිත උතුරු පළාත් ව්ශේෂ වැටලිම් ඒකකයේ පොලිස් සැරයන් 12368 කෝසල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) මන්නාරම පොලිස් වසමේ මන්නාරම නගරයේ සෙන්ට්‍රල් ෆිනෑන්ෂ් ආයතනය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද බීඩී කොළ කිලෝ 33, ග්‍රෑම් 850 ක් සන්තකයේ තබාගෙන ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


