21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රීිලංකාවට..

හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ ජය ශ්‍රීිලංකාවට..

වසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය. ඒ් පාකිස්තාන කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමින්ය.

අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 3.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 72ක් පමණි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී තිබියදී තරගයේ 5වැනි පන්දුවාරයේදී ලකුණු 76ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පූර්ණ කරගත්තේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි පන්දු 13කට මුහුණදෙමින් ලකුණු 34ක් රැස්කිරීමට සමත් විය.ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහරක් ඇතුළත් විය.

ඊට අමතරව නායක ලහිරු මධුසංක පන්දු 5කදී ලකුණු 19ක්ද, තරිඳු රත්නායක පන්දු 4කදී නොදැවී ලකුණු 16ක් රැස්කිරීමට සමත් විය.

මෙම තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට මීට වසර 17කට පෙර එනම් 2007 වසරේදී ශූරතාවක් දිනා තිබුණි.

ඊට අමතරව 1993 සහ 2004 වසරවලදී අනුශූරතාව ද දිනා ඇත.

හොංකොං ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ 1992 වසරේ ආරම්භ වූ මෙම තරඟාවලියට වසර 32කට (1992 සිට) වැඩි අතීතයක් ඇත.කෙසේ නමුත් 2017 වසරෙන් පසු මෙය පැවැත් වූ පළමු අවස්ථාව මෙයයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments