රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවන් දෙදෙනෙකු හා තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ ii හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ. කග්ගොඩ ආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගහවත්ත පොලිස් වසමේ උඩුපිල බෝක්කුව අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රුපියල් කෝටි එක හමාරකට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගනිමින් ජාවාරමේ යෙදුණු වයස අවුරුදු 38 ක වන කාන්තාවක් සහ වයස අවුරුදු 26 ක තරුණයෙකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 15 ක් සමග අත්අඩංගුවට ගත් අතර මොවුන්ගේ මෙම ජාවාරම සදහා ආධාර අනුබල දුන් වයස අවුරුදු 58 ක කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහවත්ත පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මොවුන් උස්වැටකෙයියාව, කඩුවෙල යන ප්‍රදේශ වල පදිංචි වන අතර මොවුන් සන්තකයේ ජංගම දුරකථන 04 ක් හා කාර් රථයක් ද තිබී අත්අඩංගුවට ගෙන ඇත.
රටට බදු අහිමි කළ තවත් සිගරැට් ජාවාරමක් එස්.ටී.එෆ්.දැලට
නීතියේ ඇසට වැලි ගසමින් රජයට අය විය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද විවිධ වර් ගයේ නීති විරෝධී දුම්වැටි 21,200 ක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර් ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/ මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ iii හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මීගමුව පොලිස් වසමේ මීගමුව බන්ධනාගාර පාර, එකමුතු පාර කෙලවර ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රජයට අයවිය යුතු විශාල තීරු බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ගෙන්වන ලද Manchester red වර්ගයේ දුම්වැටි 400 ක්, Manchester double drive වර්ගයේ දුම්වැටි 1,600 ක් සහ Platinum seven වර්ගයේ දුම්වැටි 19,200 ක් සමගින් දුම්වැටි 21,200 ක තොගයක් අළෙවි කිරීම සදහා සන්තකයේ තබාගෙන වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 43 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
