වසර 2022 ඔක්තෝබර් 12 වන දින ගාලු පාරේ අහුංගල්ල තරු පහේ හෝටලයක් වන RIU හෝටලය ආසන්නයේ සිටි ත්‍රී රෝද රථ රියෙදුරෙකුට මහේෂ් ඉන්දික ප්‍රභාත් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මෙහෙයවීම යටතේ අහිංසක තරුණයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමට අදාලව විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකින් එම සැකකරු ජීවිතක්ෂයට පත්විය. මෙම සිදුවීම සම්බන්ධයෙන් බලපිටිය මහේෂ්ත්‍රාත් නඩු අංක AR/2049/2022 යටතේ නඩු කටයුතු පවත්වාගෙන යන අතර නා ඔහුගේ අනියම් බිරිය වන නාඔටුන්නගේ පියුමි වත්සලා යන කාත්තාව (03) බලපිටිය මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරයාට විරුද්ධව බොරු සාක්ෂි ඉදිරිපත් කිරීම මත විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරයා 2023.06.13 වන දින බලපිටිය මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්ව කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම කාන්තාවට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර අදාල විමර්ශන ගොනු නීතිපති උපදෙස් සදහා යවා ඇත. මීට අදාලව නීතිපති තුමා විසින් ලබාදුන් උපදෙස් ප්‍රකාරව මෙම චූතිද කාන්තාව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 189 සහ 191 වගන්ති යටතේ බොරු සාක්ෂි දීම යන වරද විමර්ශන වලින් ඔප්පු වීම හේතුවෙන් නීතිපති තුමාගේ උපදෙස් මත 2024.09.03 වන දින අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේෂ්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
මෙම සිද්ධියට අදාලව බලපිටිය මහේෂ්ත්‍රාත් විසින් 2024.07.09 වන දින නියෝගයක් නිකුත් කරමින් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්ෂක කොළඹගේ නිලධාරියා පිළිබඳ විමර්ශනයක් සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඇල්පිටිය කොට්ඨාශ භාර නිලධාරියා වෙත නියෝග කර ඇත. ඒ අනුව වැඩිදුර විමර්ශනයක් සිදුකර විමර්ශන සම්බන්ධව ඉදිරි උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති තුමා වෙත යොමුකර ඇති අතර විශේෂ කාර්ය බලකා නිලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 89 සිට 99 දක්වා කියැවෙන පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වෙනුවෙන් ප්‍රතිප්‍රහාර එල්ල කර තිබූ අතර 2024.11.05 වන දින මෙම නඩුව නැවත කැඳවූ අවස්ථාවේ මෙම කිසිදු නිලධාරියෙකුට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු – සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් මෙම සිදුවීම සම්බන්ධව නෛතික පියවර ගැනීමක් අවශ්‍ය නොවන බවට මහේෂත්‍රාත් වරයාට දන්වා ඇති අතර මීට අදාලව මෙම නඩුවට අදාලව තීන්දුව ලබා දීමට ලබන මස (10) දක්වා නඩුව කල්තබා ඇත.
තවද බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධව බලපිටිය මහේෂත්‍රාත් නඩු අංක P/60952/23 යටතේ හැටන් නැෂනල් බැංකුවේ සේවයේ නියුතු නාඔටුන්නගේ පියුමි වත්සලා යන කාත්තාව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර ඇත.
මෙම මහේෂ් ඉන්දික ප්‍රභාත් යනුනීතියේ ඇසට වැලිගසමින් මහ දවල් මනුෂ්‍ය ගාතනයන් සිදුකරමින් කප්පම් ලබාගනිමින් කොල්ලකෑම් සිදුකරමින් සිටි ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධ කරුවෙකි . 2016.08.07 ගොඩකවෙල පොලිස් වසමේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට රාත්‍රි කාලයේ ගිනි අවි රැගෙන පැමිණ පහර දී රු. 3,700,000.00 වටිනා දේපල කොල්ලකෑම, 2017.06.26 රාගම පොලිස් වසමේදී ටී 56 ගිනි අවියක් පෙන්වා බියගන්වා මුදල් කොල්ලකෑම, 2020.01.29 තණමල්විල පොලිස් වසමේදී හෙරොයින් මිලි ග්‍රෑම් 950 ක් ලඟතබා ගැනීම යන වැරදි වලට අත්අංඩංගුවට පත්වූ අපරාධ කරුවෙකි.